spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සභාපති මීගමුවේ ජනතාව ප්‍රතික්ෂේප කළ නිමල් ලංසාලු ?

Must read

negombo-lagoonයහපාලන රජයේ අළුත් වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක විමට නියමිත ප්‍රාදේශිය සංවර්න කමිටුවේ මීගමුවේ  සභාපතිත්වය නියෝජ්‍ය ඇමති නිමල් ලංසා වෙත පැවරි ඇතැයි වාර්ථා වේ.
එමෙන්ම මෙම කමිටුවේ සමසභාපතිත්වය සදහා දොස්තර කාවින්ද ජයවර්ධනගේ නම යෝජනා වි ඇත.
මෙම පත්කිරිම් ප්‍රකාශයට පත්විමත් සමගින් මීගමුවේ එජාප පාක්ෂිකයන් හට ගැටළු ගණනාවක් මතුව ඇතියි මීපුර වෙබ් අඩවියට අදහස් දක්වමින් කියා සිටි.
මීගමුව ආසනය තුල රාජපක්ෂ පවුලටත් ලංසා පවුලටත් එරෙහිව මතුව ආ ප්‍රබල ජනතා විරෝධය පැවැති මැතිවරණයේදි ප්‍රකාශයට පත්වන්නේ මීගමුව ආසනය වැඩි ඡන්ද තිස්දහකින් ජයගනිමිනි.
ඒ ඇමතිධුර 13 ක් දැරු නිමල් ලංසාගේ  රුපියල් කෝටි ගණනක බඩු බෙදිමේ දේශපාලනයට මරු පහරක් එල්ල කරමිනි.
එමෙන්ම ශ්‍රිලනිප ජේෂ්ඨයෙකු වු සරත් ගුණරත්නට ධිවර නියෝජ්‍ය ඇමතිධුරද ශ්‍රිලනිපයට මීගමුව මහනගර සභාවද තිබෙන පසුබිමක එ් සියල්ලේ බලයට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්ය.
මෙම ජයග්‍රාහි සටන මෙහෙයවු මීගමුව එජාප සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයා හට ඇති ප්‍රබල අභියෝගය වන්නේ මීගමුව සංවර්ධනය පවුලේ ව්‍යාපෘතියක් බවට පත්කරගෙන සිටිම නිසා මීගමුවේදි අන්ත පරාජයකට පත්වු නිමල් ලංසාගේ පවුල් ව්‍යාපෘති වෙනුවට සිය නායකයා වන අගමැතිවරයාගේ අනාගතය පිළිබදව වන නුතන දැක්ම පදනම්කරගත් ජනතා සංවර්ධන සැලැස්ම පරාජිත නිමල් ලංසා  ලවා ක්‍රියාත්මක කරවා ගැනිමය.පමණක් නොව ගෙවුන දශකයක කාලය තුල මීගමුවේ රාජ්‍ය දේපල සිය පවුලේ සහ හිතවතුන්ගේ  බුදලයක් බවට පත්කරගෙන ඇති නිමල් ලංසාගේ පවුල් පාලනයෙන් නිදහස් කර ගැනිමය.
රාජ්‍ය දේපල සහ සකලාකාර ගසා කෑම් පිළිබදව යහපාන රජයේ ඇමතිවරුන් විසින් ම අවස්ථා ගණනාවකදි නම් කර ඇති සහ අල්ලස් හා දුෂණ කොමිසමට පැමිණිලි කර ඇති  නිමල් ලංසාට මීගමුව සංවර්ධනය කිරිම ගැන වගකිමක් දරන්නට  ඇත්තටම අයිතියක් නැතැයි මීපුර වෙබ් අඩවියට පවසන එජාප මන්ත්‍රිවරයෙකු කියා සිටියේ මීගමුව තුල ඔවුන් විසින් පෙළගස්වා ඇති ශක්තිමත් ජන පදනමේ සිරකරුවෙකු බවට මීගමුව සංවර්ධන කමිටුවේ සභාපති නිමල් ලංසා පත්විමට ඉදිරියේදි නියමිත බවය.
යහපාලන යටතේත් තමන්ගේ පියාටම බිච් පාක් එක යළිත් ලබාදෙන්නට රුපියල් ලක්ෂ ගණන් වියදම් කරමින් කුඨ සැලසුම් සකස්කළ දේශපාලකයෙකු ගැන කියන්නට ඇත්තේ කැලය මාරු වුවද නිමල් ලංසා යනු පුල්ලි වෙනස් නොවු කොටියෙකු බව යැයි තවදුරටත් කියා සිටියේය.
එළඹෙන පළාත් පාලන මැතිවරණය යනු මීගමුව ලංසාලාගේ පවුල් පාලනයෙන් ගලවා ගැනිමේ සටන බවද ඔහු සදහන් කලේය.මීගමුවට අහිමිව ගිය රාජ්‍ය දේපල යළිත් ජනතාවටත් රාජ්‍යටයත් භාර නොදි නිමල් ලංසාට මීගමුවේ සංවර්ධනය ගැන කථා කරන්නට කිසිදු අයිතියක් නැතැයිද ඔහු අවධාරණය කර සිටියේය.
කෙසේ වෙතත් ජාතික ආණ්ඩු සංකල්පය යටතේ ශ්‍රිලනිපය විසින් යෝජනා කර ඇත්තේ මීගමුවට නිමල් ලංසාව නම්  එය පිළිගත යුුතුව ඇති බවත් තම පක්ෂයේ නායකයා වන ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දුරදර්ශි නායකත්වය යටතේ මීගමුව තුල යහපාලනය ස්ථාපිත කරමින් පවුල් පාලනයෙන් මීගමුව නිදහස් කර ගැනිමට  දිවි හිමියෙන් සටන් කරන බවත් අවධාරණය කර සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article