spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාරට වැටුණු එළවළු වෙළදාම !

Must read

IMG-20190817-WA0029එළවළු වෙළදාම කලින් කලට පුවත් මවන මාතෘකාවක් බවට පත්ව තිබේ.කෙසේ වෙතත් එළවළු මිළගණන් වල පහල යාමක් නම් දකින්නට නැත.
මේ නිසාම  පාරිභෝගිකයාට මතෘකාවකි.
එදා පොළවල පමණක් කරා පැමිණි වෙළෙන්දෝ ඉන් නොනැවති දැන් පාරටද පැමිණි වෙළදාමේ නියැලිම සුලභ දසුනක්ව පවති.
මීගමුව,  අගරදගුරු නික්ලස් මාවත හෙවත් අළුත් පාරේ   අයිනට  වෙන්න  එක  පෙළට  ලස්සනට    තැන්පත්  කර  ඇති විවිධ   එලවළු  වර්ග වලින් සමන්විත   අලෙවි  කරන  ස්ථානයකි.
ස්ථානයට ගිය  අපට   එලවළු  මිල  ගනන්  ඇසුවද  ඒවා  මිලදී  ගැනීමේ  අවශ්‍යතාවයක්  නොවීය.
නමුත්  මෙම  එලවළු  වෙළඳාම  ගැන  තොරතුරු  ටිකක්  දැන ගැනීමේ  අවශ්‍යතාවයක්  තිබිණ.  මෙහි  අයිතිකරු  සමඟ  කාන්තාවන්ද  දෙදෙනෙකු  සිටින  නමුත්   අප  එහි  යනවිට  සිටියේ   මෙම   අලෙවිහළේ  අයිතිකරු  පමණි. මහන්සිය  නිසා  මෙහි  සිටි  කාන්තාවන්    බඩුපටවාගෙන  පැමිණි  කැබ් රථයට  ගොස්  මහන්සි  නිවාගනු  පෙනින.   පිරිස  අඩුවනවිට   එහි  අයිතිකරු  සමඟ  කථාබහ  කිරීමට  අපට  ඉඩක්  ලැබුණු   අතර  මේ  එලවළු  වෙළඳාම  ගැන  තොරතුරු    විමසා  සිටියේ  මෙසේය..IMG-20190817-WA0028

ඔයාගෙ  නම ගම  විස්තර  ටිකක්  කියන්න  පුළුවන්ද?

මම  කිංස්ලි,  වයස  අවුරුදු  38යි.  මගෙබිරිඳත්  එක්ක  තමයි  මේ  වෙළඳාම  කරන්නෙ.  තවත්  එක්කෙනෙක්  ඉන්නවා.  එයා  කුලියට  වැඩ කරන්නෙ.  බිරිඳ  ගයත්‍රි.   අපිට  දරුවො  දෙන්නෙක්  ඉන්නවා.  මේ  වැඩේ  අමාරුකම  නිසා  තවත්  කෙනෙක්  කුලියට  ගත්තා.   එයාගෙ නම කාන්ති. උදේ  පාන්දර  2 . 30 ට   විතර  අපි  එහෙන්  එන්නෙ.    අපි  නැවත  ආපහු  යනකොටත්  පාන්දර  3.00  විතර  වෙනවා.  සෑහෙන්න  මහන්සි වෙන්න  ඕනෙ.  අපි  මෙහෙ  එලවළු  දාන්නෙ  සිකුරාදා  විතරයි.

මේ  බිස්නස්  එකට  ඉස්සෙල්ල  මොනවද  කළේ?

එක එක   ඒව  කළා.  මීට  ඉස්සෙල්ල  පලතුරු  වෙළඳාමත්  කළා.  මම  කුලී වැඩත්  කළා.  වැඩියෙන්  හිතට  ඇල්ලුවෙ  මේ  රස්සාවයි.  මේක  පටන්  අරගෙන  දැන්  අවුරුදු  තුනක්  විතර  වෙනව.  මොනව  කරත්  ජීවත්වෙන්න  අමාරුයිනෙ.  දරුවො  දෙන්නෙක්  ඉස්කෝලෙ  යවන්නත්  එපායැ.

මේ  කටයුතු  කරගන්නෙ  කොහොමද?

දැනට  මගෙ බිරිඳත්,  තවත් එක්කෙනෙක්  ඉන්නව  උදව්වට.  ඒ  වගේම  තඹුත්තෙගම,  දඹුල්ල  පොලවල්  වලින්  තමයි  බඩු  ගන්නෙ.  තෙල්වලටම  යනව  රු.  5000/  ක්  විතර.   කොහොමහරි  කෑම,  බීමත්  එක්ක  මුළු  වියදම  රු.  15000/ ක් විතර  යනව.  එලවළු  තැලිල  එහෙම  කිලෝ  150 ක් විතර  අයින්  කරනවා.  මිල  ගත්තහම  අපි  හැම  එකකටම  එකම  මිල  තමයි  දාන්නෙ.  සමහරදාට  ඉක්මණින්ම  බඩු  ඉවර වෙනව.  සමහරදාට  ඉතුරු  වෙනව.  එහෙම  තමයි  මේ  වෙළඳාම.

මේ  වෙද්දි  මේ වගේ  එලවළු  විකුණන  අය  අපට  මීගමුවෙ  තවත්  තැන්වලදි  දකින්න  පුළුවන්.  නමුත්  හැමදාම  නෙවෙයි.  මේ  අයට  වෙළඳාම්  කරන්න  මහ විසල්  ගොඩනැගිලි  නෑ.  වැඩකරන්න  සේවකයො  නෑ.A C  කාමර  නෑ.  මහපාරෙ  තමයි  මේ දුප්පත්  වෙළඳාම  කරන්නෙ.
අගරදගුරු නික්ලස් මාවත  මෙවැනි  වෙළෙන්ඳන්  අතර    විශේෂ  තැනක් ගෙන තිබේ.
තියෙන්නෙ  විවිධ  වර්ග  නමුත්  විකුණන්නෙ  එකම  මිලට.  එක  පැත්තක  සිට  බැළුවහම  වැටකොළු,  ළූනු  කොල,  වම්බටු,  මුරුංග,  බීට්,  ලීක්ස්  වල  ඉඳල  ගෝව,  නෝකෝල්  දක්වා    ඇති වර්ග  21 ක්  අප  ගනන්  කර  බැළුවා.  මේ  හැම  එලවළුවකටම  එක සමානවිදිහට  තමයි  මේ  අය  සළකන්නෙ.    ඒ කියන්නෙ  හැම  එලවළුවක්ම  ග්‍රෑම්  250 ක්  රු.  35/ යි.    කෙසේ වුවද ජිවන අරගලය අතඅරින්නේ නැතිව පාරට වැටුණු එළවළු වෙළදාමෙන් ගොඩයන්නට වෙරදරන මේ මිනිසුන් සහ ගැහැනුන්ට අපේ ප්‍රණාමය.

 

 

 

.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article