spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර කාවින්දගේ ආධාරකරුවෝ මීගමුවේ වෙළදුන්ගෙන් කප්පම් ගනිති ?(විඩියෝ )

Must read

(දෙවන සංස්කරණය )මීගමුව මහනගර සභාව විසින් පදික වේදිකාව බදු දිමට ටෙන්ඩර්කරු වෙත පනවා තිබුණු ටෙන්ඩර් කොන්දේසිය වි තිබුනේ දිග් අඩියක් රු 1500 ක් ලෙසින් වුවද මේ ටෙන්ඩර්කරු විසින් දැන් හිතු ගණන් අයකරමින් සිටින බව ප්‍රසිද්ධ රහසක් වි තිබේ.
ටෙන්ඩර් කොන්දේසිවල සදහන් මුදලට වඩා ශතයක් හෝ වැඩියෙන් ගන්නේ නම් එය කප්පමක් මිස අන් කිසිවක් නොවේ.
මෙය බරපතල තත්වයකි.
එහෙත් මේ සම්බන්ධයෙන් මීගමුව මහනගර සභාව කිසිදු පියවරයක් ගන්නා බවක් නොපෙනන අතර පදික වෙළදුන් ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කර සිටිනේනේ ද මහනගර සභාවේ බලධාරින් වෙතය.
මේ අතර අප විසින් මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත මහතාගෙන් මේ මස මුලදි මේ කප්පම් සෙල්ලම ගැන විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ යහපාලනය යටතේ මෙවර මීගමුවේ පදික වෙළදුන්ගෙන් කප්පම් ගැනිම සදහා කිසිදු ටෙන්ඩර්කරුවෙකු හට ඉඩ ලබානොදෙන බවය.
එහෙත් දැන් එය සිදුවෙමින් තිබෙන බව ඇස්පනාපිටම ඔප්පු වි ඇති අතර මෙහි වඩාත් විහිළුව වි ඇත්තේ මේ කප්පම් ගන්නා මහතුන්ලා ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර කාවින්ද ජයවර්ධනගේ මීගමුවේ ආධාරකරුවන්  විමය.
වැදගත් තරුණ නවක මන්ත්‍රිවරයෙකු  ලෙස පාර්ලිමේන්තුවට පත්ව ඇති  දොස්තර කාවින්ද මහතා තමන්ගේ අධාරකරුවන් මෙසේ ක්‍රියාකරයි නම් ඔවුන්ට යහපාලන පාඩම් කියා දෙන්නට කටයුුතු කළ යුතුව තිබේ.
මැතිවරණයට ඡන්ද එකතු කිරිම සදහා පමණක් මීගමුවට පැමිණ ජනයා තලා පෙලෙන ආධාරකරුවන්ගේ සහය පැතුවේ නම් ඒ අය පාලනය කර ගැනිමට අදාල තරුණ මන්ත්‍රිවරයාටද වගකිම් තිබේ.
අපට දැන් මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත මහතාගෙන් අසන්නට ඇත්තේ  මීගමුවේ ක්‍රියාත්මක මේ ”යහපාලන කප්පම්” නවතාලන්නට ඔහුට හැකිද යන්නයි.


වීඩියෝව – එම්.ඉෂෙඩ් සාජහාන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article