spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාර්ලිමේන්තු මැතිවරණයක් අභියස යළිත් මඩ ගහන්නේ කුමන්ත්‍රණකාරයෝ – රොයිස් කියයි

Must read

12347පසුගිය පළාත් සභා මැතිවරණයේදි තමන්ව මැතිවරණ සටනින් ඉවත් කර තබා මීගමුව අඩපණ කරන්නට විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කළා වගේ යළිත් පාර්ලිමේන්තු මැතිවරණයක් අබිමුවේ තමන්ව අපකිර්තියට පත්කරන්නට කිසියම් සංවිධනාත්මක කල්ලියක් ක්‍රියාත්මක වෙමින් ඇති බව අද දින මව්බිම සහ දිවයින පුවත්පත වල පළ කර ඇති ප්‍රවෘත්තියෙන් පැහැදිලි වන බව මීගමුව එජාප සංවිධායක සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා පවසා සිටි.
මේ  අවස්ථා දෙකකදිම මේ කුමන්ත්‍රණකරුවන් ඊට ඇදාගෙන සිටියේ තමන්ගේ රියදුරා යැයි කියන අයෙකු බවත් තමන්ගේ නිත්‍යාණුකුල රියදුරු අදත් මේ අවස්ථාවේ තමන් සමගින් සිටින බවත් අවධාරණය කර සිටියේය.
මෙවැනි පදනම් විරහිත චෝදනා වලින් තමන්වගේ ගමන් වලකාලන්නට කිසිවෙකුටත් බැරි බවත් කොතරම් බාධක පැමිණියත්  ගඟක් ආපස්සට ගලන්නේ නැති බවත් රොයිස් නැමති නදියද එසේම බවත් ඔවුත් මාධ්‍ය හමුවේ අද අවධාරණය  කර සිටියේය,
ඒ අද මීගමුවේ තලාදුව පාරේ පිහිටි පක්ෂ නිළකාර්යාලයේ පැවැති පුවත් සාකච්ජාවදිය.
තමන්ව සම්බන්ධ කරමින් පළකර ඇති අමුලික බොරු ඇතුලත් පුවත වහාම ඒ හා සමාන ඉඩක් දි යළි නිවරදි කරන ලෙස ඉල්ලිමින් මව්බිම සහ දිවයින කතු වරුන් වෙත යවන ලිපියක්ද මාධ්‍ය හමුවේදි කියවන්නට යෙදුනි.මෙම මාධ්‍ය හමුව සදහා මීගමුව මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ සියළු නාගරික මන්ත්‍රින්ද එක්ව සිටියහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article