spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාරිභෝගිකයන් නොමඟ යන කීල්ස් කිරි මිළ ගැටළුව… ???

Must read

කීල්ස් සුපිරි වෙළද සැල් ජාලය විසින් මේ දිනවල Rich life Non fat ලිටරයේ කිරි පැකට් එකක් සඳහා සුවිශේෂි මිළ අඩු කිරිමක් සිදුකර තිබේ.
එනම් එක පැකට්ටුවක් රු 189 ක් ලෙසය.
එහෙත් බොහොමයක් කීල්ස් සුපිරි වෙළඳ සැල් වල අඩුකළ මිළ සහිත මිළ පුවරු තිබුනද අදාල තොග අවසන්ව ඇත.තතු එසේව තිබියදි තැන් කිපයකම පාරිභෝගිකයන් නොමඟ යන වැඩක්ද සිදුව තිබේ.එනම් මෙසේ අඩුකළ මිළ සහිත පුවරුව කොත්මලේ සහ අඹේවෙල මේද රහිත කිරිපැකට් අසල රදවා තිබිමයි .මේ නිසා ඇතැම් පාරිභෝගිකයන් එකපාරටම හිතන්නේ රු 189 ට කොත්මලේ මේද රහිත කිරිපැකට් යොදා ඇතැයි කියාය.Rich life Non fat කිරිපැකට් වල තොග අවසන් නම් එය ප්‍රදර්ශනය කිරිමෙන් ඵලක් නැත.මේ වරද සතියක් ඇතුලත කොච්චිකඩේ කීල්ස් සුපිරි වෙළඳ සැලේ කළමණාකාරිත්වයට මෙන් කුරණ කළමණාකාරිත්වයට පෙන්වා දිමට ඇතැම් පාරිභෝගිකයන්ට සිදුව තිබුණි.පෙන්වා දුන් පසු මේ ස්ථාන දෙකේදිම එකි වරද පිළිගෙන තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article