spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාරේ අඹ විකුණා පවුල රකින ධනුෂ්ක !

Must read

IMG-20191218-WA0004මීගමුව නගර සීමාවේ කටාන , අක්කර 50 ප්‍රදේශයේ පාරේ අඹ විකුණන තරුණයෙකු දැක ඒ අසල මා නතර වූයේ අඹ මිලදී ගැනීමට නොවේ. විකිණීමට සූදානම් කළ අඹ ඒ ඒ මිල ගනන්වලට ගොඩවල් ගසා තිබින . ගනුදෙනු කරුවන් කිහප දෙනෙකු අඹ මිලදී ගන්නා ලදී . ගනුදෙනු කරුවන් ගිය පසු මේ තරුණයා සමඟ කෙටි කතාබහක යෙදෙන්නට මට අවස්ථාවක් ලැබින .
මෙහිදී මා පුද්ගලික විස්තර ටිකක් විමසා සිටි අතර ඔහු මා සමඟ දොඩමළු වූයේ මෙසේය .
” මම ධනුෂ්ක . මගේ ගම මොරටුවේ එගොඩ උයන . මම විවාහ වෙල අවුරුදු එකහමාරක් . අවුරුද්දක දුවෙක් ඉන්නව . බිරිඳ රස්සාවක් කරන්නෙ නෑ. මම තව යහළුවෙක් එක්ක තමයි මේ රස්සාව කරන්නෙ .IMG-20191218-WA0002

මේ රස්සාව ගැන යමක් කිව්වොත් .

මම මීට අවුරුදු 13කට කලින් තමයි මේ රස්සාව පටන් ගත්තෙ . මුලින් ගෝලය විදිහට තමයි ගියෙ. ඊටපස්සෙ අවුරුදු 5 ක් 6 ක් ගිහිල්ල තමයි තනියෙන් පටන් ගත්තෙ . ඉතින් ගොඩක් දුක් විඳින්න ඕනෙ නිදිමරාගෙන. පාන්දර 3ට රැකියාව කරන්න අපි නැගිටින්නෙ. අඹ කඩන්න යන කාලෙට රෑ 12.00ට වෙන්නත් පුළුවන් නැගිටල ඉඳල තමයි යන්නෙ . එතකං ඉතින් අපිට නිදාගන්න බෑ ඩ්‍රයිවර්ට නින්ද යන්න පුළුවන්නෙ. අපි ලෝඩ් එකට අඔ ගෙඩි 4000 ක් 5000ක් 3500ක් විතර කඩන් එනව. අපට අඹ කඩන් එන්න රු. 60,000/ක් 70,000/ ක් 50,000/ විතර යනව . ගෝලයො ඉන්නව 4ක් 5ක් විතර. ඒ ගොල්ලන්ටත් පඩිදීල තැන් තැන්වලට දාල විකුණනව.IMG-20191218-WA0007

අඹ විතරද කරන්නෙ ?
අඹ විතරක් කරන්නෙ නෑ. පලතුරු කාලෙට හැම පලතුරක්ම කරනව. ඒ කියන්නෙ සීසන් එකට අනුව මේ කාලෙට මේව , මිදි කාලෙට මිදි, උගුරැස්ස කාලෙට උගුරැස්ස , මාදන් කාලෙට මාදන් රඹුටන් කාලෙට රඹුටන් , එහෙම තමයි . එහෙම කරගෙන යනව.
අඹ වර්ග කීපයක් තියෙනවා . කර්තකොළම්බන්, අල්පොන්සෝ, වල් අඹ, කොහු අඹ, ඒ ඒ කාලෙට ඒව දානව.

කොහොමද මිල ගනන්.

මේව ගෙඩියක් රු. 30, 40, 50 වගේ ගනන් වලට දෙනව. කිලෝ 1 ක් ගන්නව නම් රු. 150/ ට දෙනව.යන වියදම අල්ලන්නත් ඕනනෙ. යහළුවෙක්ගෙ වාහනයක තමයි බඩු ගේන්නෙ.
අපිට එක තැනක් නියම නෑ. එක එක තැන්වල දාල විකුණනව . සමහර වෙලාවට එකඑක ප්‍රශ්ණ වලටත් මුහුණ දෙන්න වෙනව.
අද තරුණ බහුතරයකගේ යොමුවීම්, ඇවතුම් , පැවතුම් , ආකල්ප දෙස බලන විට ඒවා විවිධ ආකාරයෙන් සමාජ විරෝධී ලෙස ක්‍රියාත්මක වනබව පෙනේ. දිවි පැවැත්ම උදෙසා කරන කූට ජාවාරම් ගැන අපි ඕනෑතරම් අසා දැක ඇත්තෙමු . නමුත් ධනුෂ්ක වැනි තරුණයින් ජීවත්වීම සඳහා කරන මෙවැනි උත්සාහයන් ආදර්ශමත්ය. ඒනිසා එය අගයකළ යුතුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article