spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාසල් ඇරී යන සිසුවෙකු සීදුවේදී පැහැරගැනිමේ තැතක් ?

Must read

th (2)අද සවස 2.45ට පමණ සීදුව බන්ඩාරවත්ත පාසලේ අධ්‍යාපනය ලබන අවුරුදු 10ක් වයසැති පිරිමි දරුවෙකු අසලට පැමිණි ත්‍රීවීල් රියදුරෙකු මෙම දරුවාගෙන් ලිපිනයක් අසන මාර්ගයෙන් ඔහුව ත්‍රිවිල් රථයට දමාගෙන පැහැරගෙන යාමට තැත් කර තිඛේ.   මෙම සිදුවීම සිදුවී ඇත්තේ මොහොමඩ් අහමඩ් නම් සිසුවා පාසලේ සිට සිය නිවසට යන අතර මගදි වන අතර මෙසේ  ත්‍රීවිලයට තමාව නංවාගෙන නවත්වන්නේ නැතිව යන බව ඔහුට  අවබෝධ වූ පසුව දරුවා ත්‍රීවිලයෙන්  පැන තිඛේ.  සීදුව සුපර්මාකර්ට් එක අසල තමන්ගේ මිතුරෙකු සිටිනවා දැක මෙම සිසුවා ත්‍රිවිලයෙන් පැන්න බව ඔහු පවසයි.  මේවන විට සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලීසිය පරීක්ෂන ආරම්භ කර ඇති අතර අවට ස්ථාන වල සී.සී.ටී.වී කැමරා දර්ශන විමර්ශනය කරමින් ත්‍රිවිල් රථයෙන් පැමිණි පුද්ගලයා ගැනසෙවිම ආරම්භ කර ඇත.මෙම සිසුවා  බන්ඩාරවත්ත පාසලේ  4 වසරේ ඉගෙනුම ලබන අතර
පදිංචිව ඇත්තේ නො 20,රාජපක්ෂපුර,සීදුව දරන ලිපිනයේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article