spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාස්කු ඛේදවාචකයට ගොදුරුවූවන් සුවපත් කිරීමේ උපදේශන වැඩසටහනක්

Must read

DSC_0399-1කටුවපිටිය   කතෝලික  දේවස්ථානයේ  සිදුවූ  මිනිස්  ඝාතනයේදී  මානසිකව  කම්පනයට  පත්වූ  පිරිසක්  සිටින  හෙයින්  ඔවුන්  සුවපත් කිරීම  උදෙසා  මීගමු  රෝහල  තුළ  ඒ  සඳහාවූ  වෙනමම  ඒකකයක්  පිහිටුවා තිඛේ.  ඒ  අනුව  අදදින  ඒ  පිළිඳබව  දැනුවත්  කිරීමේ  බැනරයක්  නගරය  පුරා  ප්‍රදර්ශනය  කිරීමට  සැළසුම්  කරතිබින. මේ  සඳහා  මැදිහත්වී  කටයුතු  කරන  මීගමු  රෝහල්   පදනමේ  සංවිධායක  වන  මාකස්  මහතා  සහ  එහි  සභාපති  ක්‍රිෂාන්ත  දල්පදාතු  මහතා  තම  අදහස්  පළකළේ  මෙසේය.

මේ වනවිට  මෙම  සිදුවීම  මත  විශාල  පිරිසක්  මානසික  පීඩනයට  ලක්වී  සිටිනවා.  අපි  ඒ  අය  හඳුනාගෙන  තියෙනවා.  මේ  අනුව  මීගමුව  රෝහල්  පදනමේ  අපි  මේ දක්වා  කටයුතු  කළාසේම  ඉදිරියටත්  අවශ්‍ය  සියළු  කටයුතු  වෙනුවෙන්  වැඩ  කිරීමට  සූදානම්.  මෙම  ඒකකයේ  උපදේශන  කටයුතු  සඳහා  වෛද්‍යවරුත්  ඉදිරිපත්වී  කටයුතු  කිරීමට  සූදානමින්  සිටිනවා.  මෙම  බැනරය  මගින්    මානසික    පීඩනයට  පත්වූ  සියළු දෙනා  දැනුවත්  කර  ඒ  සඳහා  යොමු  කිරීමට  අදහස්  කරනවා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article