spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරවාගැනීමේ බලාපොරොත්තුව

Must read


ඊයේ 21 වෙනිදා පාස්කු ප්‍රහාරය සමරන දවසයි. මීගමුව බාල්දි හන්දියේදි සෑම මසකම මෙදින පැවැත්වෙන පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා සිදුකරන විරෝධතාවය සිදුවිය. මෙම විරෝධතාවය මේ වනවිට සෑම මසකම 21 වනදා සවස නොකඩවා සිදුකරන්නට මිගමුව පුරවැසි එකමුතුව පෙරමුණ ගෙන තිබේ.

මිගමුවේ සිවිල් සංවිධාන සහ සමාජ ක්‍රියාකාරින්ගේ දායකත්වය අගය කළ යුතුය. මෙම එකතුව විසින් පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඩුවම් පැමිණවිම පිළිබදව පවතින රජයට නැවත නැවත මතක් කරමින්. පාස්කු ප්‍රහාරය වෙනුවෙන් යුක්තිය ඉල්ලා ලංකාව තුළ නොකඩවා සිදුකරන විරෝධතාවයද මෙයයි.

කතෝලික බහුතරයක් වෙසෙන නගරයකට එල්ල කළ බිහිසුණු බෝම්බ ප්‍රහාරයේ වේදනාකාරී මතක,වේදනා වියලෙන්නට තරම් කාලයක් ගතවි නොමැති වුවත් ඒ් වෙනුවෙන් යුක්තිය ඉටුකරගැනීමේ කාර්යය ඉතාමත් දුෂ්කර බව මේ වනවිට පෙනි යන යතාර්තයයි.

ඒ සදහා අභියෝග කිරීමට මිගමුවේ සිවිල් සංවිධාන සූදානම් වුවත් යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය බලගැනීවිමට එතරම් ලේසි පහසු නොවන දැනටම ඔප්පු වි තිබේ. මේ වෙනුවෙන් පෙළගැසෙන්නට මිගමුවේ ,කටුවපිටියේ පුරවැසියන්ගේ දායකත්වය අදට වඩා අවශ්‍ය ඇත. පාස්කු ප්‍රහාරයේ වේදනා කිසිවෙකුටත් අමතක නැති වුවත්, එයින් වන්දි ගෙවූ සියලු දෙනා වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට බලපෑම් කිරීමේ වගකිම ඇත්තේ සිවිල් සමාජයට පමණක් නොවේ. මිගමුවේ පුරවැසියන්ටද ඉන් මිදිමට නොහැකිය. පාස්කු වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටුකරගැනිමේ බලාපොරොත්තු ඇති කිසිවෙකුටත් එම වගකීමෙන් මිදිය නොහැකිය.

මේ පසුබිම තුල මිගමුව පුරවැසි එකතුවට පවා අද බරපතල ලෙසින් අවධානය යොමුකළ යුතුව ඇති කරුණ බවට පත්ව ඇත්තේ යුක්තිය සදහා වන අරගලය පුලුල් කරගැනිමට නොහැකිවිමේ ගැටළුව සැබෑ ලෙසින්ම ජයගන්නේ කෙසේද යන්නයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article