spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

එළවලු විකිනීමෙන් ජීවත් වෙන්න පුලුවන්ද ?

Must read

රටේ ඉන්න ධනවතුන්ගේ සිට අන්ත දුගී දුප්පතා දක්වා ජීවත් වීමට ඉතාම දුෂ්කර වූ කාල පරිඡේදයක් තමයි මේ වන විට උදාවෙලා තියෙන්නේ. සෑම දෙයක්ම ගිණි ගණන් ගිහින් තියෙන කාලවකවානුවක අත්‍යාවශ්‍යම දේ වන කන බොන දේ පවා මිළගනන් අඩුවට විකුණන තැන් සොයා යන්න හුඟක් අය මේ වෙදදී පෙළඹිලා තියෙනවා. ඒ අතරිනුත් ආහාරයට අත්‍යාවශ්‍ය එළවළු ,අල , ළුණු වගේ දේවල් මිලදී ගන්න වෙළඳාම් පොලවල් වලට ,කඩ වලට නොයා ⁣යන එන ගමන් පාරක් අයිනේ තියෙන තාවකාලික වෙළඳාම් කරන ස්ථාන වලින් ඒ දේවල් මිලදී ගන්න බොහෝ දෙනෙක් මේ වෙද්දී පෙළඹිලා තියෙනවා. මීගමුව නගරය ආශ්‍රිතවත් එවැනි තැන් කිහිපයක් තියෙනවා.ඒ ඵක තැනක් තමයි මීගමුව අලුුත් පාරේ රේල් ගේට්ටුව හංදියට කලින් හමුවන එළවළු විකුණන තැන. එතැන එළවළු විකිණීම කරන්නේ චන්ද්‍රසේන ඔහුුගේ ගම කුරුනෑගල.  මෙතැන වෙළඳාම පටන් අරගෙන දැන් වසර 02 ක් පමන වෙනවා. මේ් එළවළු වෙළඳාම කරන නිසා  ඔහු සීදුව-රද්දොළුගම තාවකාලිකව පදිංචිවෙලයි ඉන්නේ. ඔහු කියන්නේ පසුගිය කාලයේ එළවළු මිලට වඩා දැන් මිල අඩු නිසා ඔහු ළඟට එන පාරිභෝගිකයින් ඵළවළු ටිකක් වැඩිපුර මිලදී ගන්නට පෙලඹිලා තියෙනවා කියලයි. ඒක්කම ඔහු කියන්නේ එදිනෙදා ඵළවළු කන එක නවතා දමා තිබුන අය දැන් ආයෙත් එළවළු කෑමට පටන් ගෙන ඇති බවයි. ඔහු කියන විදිහට ඔහු ළඟට පැමිනෙන මීගමුව හා ඒ ආශ්‍රිත පාරිභෝගිකයන් වැඩි වශයෙන්ම උඩරට එළවළු වන කැරට්, බීට්රූට් බෝංචි නෝකෝල් සහ රාඔු වැනි උඩරට එළවළු මිලදී ගන්න උත්සුක වන බවයි.වැඩි වශයෙන් මේ ව්‍යපාරය තුල ලාභයක් නැතත් එලෙසම ⁣ජීවත් වීමට කුමන හෝ දෙයක් කල යුතු නිසාත් කොළඔ මැනින් වෙළඳ පොලෙන් තොග වශයෙන් ගෙනත් සුළු ලාභයක් තබා ගෙන තමන් ඉතා සාධාරණ ලෙස මෙම ව්‍යාපාරය කරගෙන යන බව ඔහු  හමුවෙි වැඩි දුරටත් පවසයි.

⁣මීගමුව ,කුරණ- ප්‍රදේශයේ (කොළඹ ප්‍රධාන පාර අයිනේ) ඉතා සුළු වශයෙන් අල සහ ලූණූ ව්‍යාපාරයක්   කරගෙන  යන කුමාර මහතා ඒ සදහා  සිය සොහොයුරාවද එකතු කරගෙන සිටියි.   කුමාරගේ ගම මීගමුවමයි.පසුගිය කාලයට වඩා මේ වන විට වෙළඳපලේ අල,ළුුණු මිල යම් අඩුවීමක් සිදු වී ඇති නිසා ඔහුට සැලකිය යුතු තරමේ දෛනික ආදායමක් මෙම වෙළඳාම නිසා උපයා ගැනීමට හැකි වී තියෙනවා. කොහොම වුනත් ප්‍රධාන මාර්ගයක් ආසන්නයේ මෙම වෙළඳාම කරගෙන යන නිසා වැසි කාලයට මෙම ස්ථානයේ වෙළඳාම් කිරීමට බැරි තත්වයක් වටපිටාවක් තිබෙනවා. කෙසේ වුවද තමන් සුළු වශයෙන් ලාභයක් තබා මෙම වෙළඳාම ඉතාම සාධාරණව කර ගෙන යන නිසා තමන්⁣ වෙත අල ළුුණු මිලදී ගැනීමට සැලකිය යුතු පිරිසක් පැමිනෙනවා වගේම මිල අඞු වීමෙන් දැන් දැන් අල ලූණු වැඩි වැඩිය මිලදී ගන්න ට මිනිසුන් පෙළඹී තියෙන බව ඔහු පවසයි.

මේ වෙළඳාම්කරුවන්ගේ පවසන්නේ  අපේ අහාරයට අවශ්‍ය එළවළු ,අල සහ ළුුණු වල මිල ගණන් අඩු වන විට පාරි⁣භෝගික ජනතාව ඒවා වැඩ වශයෙන් ඒවා මිලදී ගන්න පෙළඹෙන බවයි. එමෙන්ම මේ දෙදෙනා වැනි කුඩා වෙළඳුන් කාලයක තිස්සේ පවතින අර්ථික කඩාවැටීමක් හමුවේ වුවද මෙවැනි සුළු වෙෙළදාමක් හෝ කරමින් ඒ තුල දිගින් දිගටම රැඳී සිටින්නේ තමන්ට කෙසේ හෝ තම ජීවිකාව කරගෙන යාමට ඇති දැඩි අවශ්‍යතාවය නිසා බවයි.

තුෂාර රොහාන්

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article