spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු වැල්ලේ මාළු කඩේ වෙළදුන්ට නොවිසදුනු ගැටළු රැසක්

Must read

මීගමුව, කොටුව පිට්ටනිය අසල මාළු වෙළඳ පලේ වෙළඳාමේ  යෙදෙන වෙළඳුුුන්  පිරිසක් විසින් පසුුගිය ජනවාරි මාසයේ  විරෝධතාවයක් පැවැත්වීය. මෙම විරෝධතාවයට මුලවූයේ  මාළු වෙළඳපලේ අයිතිය ඇති වැල්ලවීදිය ⁣කතෝලික දෙවස්ථානයට අනුයුක්ත ” වැල්ලවීදිය එක්සත් ධීවර සමිතිය විසින් එම මාළු වෙළඳ පලේ කඩ ලබාදීමේදී එම මාළු වෙළඳපලේ පසුපස කඩ කාමර ලබාදුන් වෙළඳුන්ට විශාල අසාධාරණයක් සිදුවූ බවට ඔවුන් චෝදනා කරන ලදි.
පසු පසට වන්නට පිහිටි කඩ වලට සැලකිය යුතු වෙළඳාමක් කර ගැනීමට නොහැකි වීමෙන් විශාල දුෂ්කරතා රැසකට මේ වන විට මුහුන පා සිටින බවද එහිදී ඔවුන් විසින් පවසා තිබිණි .එම විරෝධතාවය පවත්වා මසක් පමන කාලයක් ගත වී ඇති අතර ඒ පිළිබඳව  කල විමසීමකදී ⁣⁣දැනගන්නට ලැබුනේ එම ගැටළුවට තවමත් නිසි පිලිතුරක්  දියහැකි කිසිඳු ක්‍රියා මාර්ගයක්  ගෙන නොමැති බවකි.

මේ සම්බන්ධයෙන් කළ  එක්සත් ධීවර සමිතියට අයත් මාළු වෙළඳාමේ යෙදෙන අයෙකු පැවසුවේ තමන් වසර 15 කටත් වැඩි කාලයක් මෙම මාළු වෙළඳ පලේ පසුපසට වන්නට වෙළඳාම්  කටයුතු  කරන බවයි.එහෙත් තමන්ගේ පාරිභෝගිකයන් තමන්ව සොයා මේ ්නයටම පැමිණ මාළු මිලදී ගන්නා බවත් ,පාරිභෝගිකයන්ට අවංකව සහ යහපත්ව වෙළඳාම සිදු කරන විට ස්ථානය ගැටළුවක් නොවන බවයි.

ඒ අතර එහි වෙළඳාම් කරන තවත් මාලු වෙළෙනේදෙකු  පැවසූවේ තමන් වසර ගණනාවක් ⁣වෙළඳාම්කල ස්ථානයේ සිට පිටුපස  කලාපයේ ඇති ස්ථානයක තනා ඇති කඩයකට මාරු කිරීම නිසා තමන්ගෙන් මෙතෙක් මාළු මිලදී ගත් පාරිභෝගිකයන්ට තමන් දැන් මාළු වෙළඳමේ කරන ස්ථානය සොයා ගැනීමට නොහැකි වී ඇති බවකි.

ඒ නිසා තමන් මේ වනවිට  උදය වරුවට පමනක් මාළු වෙළඳ පලේ ඉදිරිපිටට පැමින ටෙන්ට් රෙද්දක් හෝ කුඩයක් වැනි දෙයකින් ආවරණය ලබා  මාළු වෙළඳාමේ නිරත වන බව ඔහු පැචසීය.ඔවුන් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ටද මාළු වෙළඳ පලේ ඉදිරිපිට ඇති බිම් කොටසේ කඩ කාමර කිහිපයක් ඉදි කර තමන්ටද මාළු වෙළඳාමේ යෙදීමට කටයුතු සලසා දෙන ලෙසයි. මේ පිලිබඳව වැල්ලවීදිය දේවස්ථනෙයේ පියතුමන්ලාවද දැනුවත් කර ඇති බවත් එහෙත් තවමත් ඒ සඳහා කිසිදු විසඳුමක් නොලැබුනු බවත් ඔවුන් පවසයි. මේ තත්වය තුල ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු නිසි ලෙස සිදුකරගැනීමට නොහැකි බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article