spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාස්කු වින්දිතයන්ගේ ලේ තැවරුන නලාකාරයෝ දැන් කෝ ?

Must read

එදා රනිල් මල්ලවආරච්චිලාද ලංකාවට පැමිණ තිබුනේ ගෝඨාභය දිනවිමටය.ඔහු එදා මාධ්‍ය හමුවේ කියා සිටියේ ගෝඨාභය දිනවිමට ලංකාවට පැමිණි බවය.
මේ අතර යකඩ සුදාලා⁣⁣ගේ සිට තවත්   සුදාලාද ( ඇත්තටම නම් උන් සුදු නැත) එදා මේ සියල්ලන්ම ගොඩ දමන්නට වලිකැවේ  ගොඨාභයවයි.ජකතාගේ බුහුමනට මිට පාත්‍රාව සිටි කිර්තිමත් කලකාරුවන් විශාල පිරිසක් රාජපක්ෂලාට ආවැඩ සිය ජිවන වෘත්තිය බවට පත්කරගෙන සිටියහ

අතලොස්සක් වු ප්‍රතිපත්තිගරුක කලාකරුවන් ඇරෙන්නට නහුතයක් දෙනා ගොඨාභය වෙනුවෙන් රෙදි නැතිවමට කඩේ ගියෝය.

බලය වෙනුවෙන් අහිංසකයන් මරා දැමු පාලකයෙකු උඩ දැමු මේ සමස්ත නලාකාරයන්ගේ අත්වලද ලේ පදාස පිටින් ඇති බව වසර 5 ක් ගෙවෙමින් ඇති මේ පාස්කු ඉරුදින අප කිසිලෙසකින් වත් අමතක නොකල යුතුය.

රුවල් අත බලා සුදාල එදා ගොඨාභයට සිංදු ලියා  පොරක් වෙන්නට දැගලුවේය.

මේ (කලු ) සුදාම අරගලයෙන් සිය හාම්පුතාලට කෙලවෙන බව දැන ගත්විට දකුණට සිග්නල් දමා එක සැරේම වමට හරවන්නට පටන් ගත්තා පමණක් නොව දැන් රාජපක්ෂලට බනිමින් කුණුහරුප විදිමින් , විකුණමින් බඩවියත රැකගැනිමට සයිබර් අවකාශයද දුෂණයට ලක්කරමින් සිටියි.

රනිල්ලා   කලුසුදාල මෙන්ම ශ්‍රියන්ත මෙන්ඩිස්⁣ලා වැනි මේ සකලාකාර නාලකාරයන් මතක් කර ගතයුතු කරුණක් වේ.එනම් පාස්කු වින්දිතයන්ගේ ලේ මේ නලාකාරයන්ගේද අත්වල තැවරි ඇති බවය.මන්දයත් බලය ලබාගැනිම වෙනුවෙන් මිනිමැරු පාලකයන්ව බලයට ඔසවා තබන්නට මේ නාලාකාර රැල මහත් උද්යෝගිමත් කටයුතු කර තිබුන බැවිනි.

සිය හාම්පුතාලට වැඩ වරදින බව දැනගත් පසු මේ නලාකාරුවන් එකා දෙන්නා පළමුවද පසුව බුරුතු පිටින්ද ගෝල්ෆේස් පැමිණ පව් හොදාගන්නට කටයුතු කළ අකාරය මේ රටේ ප්‍රගිතිශිලා ජනයාට අමතක නැත ,

ඇන්ටනි ප්‍රනාන්දු – කුරණ මිගමුව


 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article