spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පැරිෂුට් චතුර සහ ජෝශප් මයිකල් ???

Must read

Joseph-Michael-Pereraඇමති රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න යැයි කෙනෙක් සිටින බව අප දැනගත්තේ දැනට මාස 6 ක් තරම් කාලයකදිය.
ඉනුත් වැඩියෙන්ම ඔහු ප්‍රසිද්ධියට පත්වන්නේ ඔහු විසින් කරන්නට යෙදුන ඇතැම් වාචාල කථා කිපයක් නිසාය.
මේ වාචාලකම යනු රටක් වෙනස් කළ සුපිරි චරිතයක් ලෙසින් ඔහු විසින් මැතිවරණ ප්‍රචාරක දැන්විම් හරහාද  බෙදාහැර තිබුණි.
කෙසේ වෙතත් ආසනයක් වත් නැති චතුර මනාප ලබා දැන් පාර්ලිමේන්තුවේය.
දශක තුනකටත් වැඩි කාලයක් පාර්ලිමේන්තුව අඛණ්ඩව නියෝජනය කළ ජේෂ්ඨ දේශපාලකයෙකු වු ජෝශප් මයිකල් පෙරේරා දැන් ගෙදරය.
පළාතේ වත් නොවන චතුර පෙරේරා ගම්පහට පැන්නේ ඇයි දැයි කිසිවෙකුත් නොදනි.
කෙසේ වෙතත් අද දිගහැර යහමින් මුදල් වියදම් කරමින් එක් ආසනයකින් මනාප 5000 ක් ගැනිමට සැලැසුම් සකස්කරගෙන සිටි චතුර සේනාරත්න ගම්පහ දිනවන්න මහත් වෙහෙසක් ගත් දේශපාලකයෙකුගේ පිටට තට්ටුකර මැතිවරණයෙන් පසු කියා තිබුනේ අයියේ මම අද පාර්ලිමේන්තු යන්නේ උඹලා හින්දා බවය.
ජොශප් මයිකල් මනාප ලයිස්තුවේ 10 වැනියාය.
චතුර පත්වන්නේ මනාප ලයිස්තුවේ 07 වැන්නා ලෙසටය.
ජොශප් මයිකල්ව ගෙදර තබන ඉරණම ලියැවෙන්නේ මනාප ක්‍රමය නිසාද ? නැත්නම් චතුර වැනි ඇමති පුතෙක් පැරිෂුට් කාරයෙකු ලෙසින් ගම්පහට දාන්නට පක්ෂ නායකත්වය ඉඩදුන් නිසාද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article