පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයේ වෙළෙඳුන් අදත් PCR පරීක්ෂණයට

0
103

1587621568-Navy_L

( 5.00 pm ) පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළෙඳුන් සහ සේවකයින් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීම අද(23) පෙරවරුවේ ආරම්භ කර තිබේ.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මැදිහත් වීමෙන් මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ දී එම පී.සී.ආර් පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරුණු බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

මෙහිදී මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙන්ඳන්, සේවකයින් සහ ජංගම මත්ස්‍ය වෙළඳුන් පරීක්ෂණ සඳහා යොමු කිරීම සිදුකර තිබේ.

ඒ අනුව පුද්ගලයින් 500 දෙනෙකු පමණ මේ වන විට පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව වාර්තා වෙයි.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මාළු ලබා ගත් පිළියන්දල ප්‍රදේශයේ වෙළෙන්දෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පරීක්ෂා කිරීම් සිදුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
(අද දෙරණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here