spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පිටිපන පුවතට PHI ලාට තදවෙයි ? හඳ පෙන්වන විට ඇඟිල්ල දිහා බලයි ?

Must read

Screenshot_20200512_114016
නාත්තන්ඩියේ සිය නිවෙසේදි නිරෝධායනට ලක්වු කාන්තාවකට නිවසට පැමිණ නිරෝධායන සහතිකය ලබාදෙන අයුරු

කොවිඩ් 19 වෛරසය පැතිර යාම හේතුවෙන් නිවසේ සිට නිරෝධායනයට ලක්වූ ප්‍රථම තැනැත්තිය සමාජට මුදා හැරීම නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපුල් ජයතිලක මහතා විසින් ඊයේ (18)සවස සිදු කරන ලදි.ඉතාලියේ සිට පසුගිය දිනක මෙරටට පැමිණි බව කියන මෙම කාන්තාව ඇයගේ නිවසේදී දින 14 ක කාලයක් නිරෝධායනය කිරීමට නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන් කටයුතු කරන ලදි.පසුව ඇයව සමාජ ගත කිරීම සිදු කරන ලදි.ඒ ඇය සම්බන්ධයෙන් සිදු කරන ලද විධිමත් සායනික වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුවය.

නිරෝධායනයට ලක් කරන ලද ඇයට විශේෂ සහතික පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කර ඇති බවද නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපුල් ජයතිලක මහතා පැවසීය.
නිරෝධායනවිමෙන් පසු නාත්තන්ඩිෙය්දි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි තුමන්ව පැමිණ සහතිකය දි තිබුණි.
(උපුටා ගැනිම මාර්තු 19 අරුණ වෙබ් අඩවිය )

සැබැවින්ම සිදුවිය යුත්තේ එයයි. එවිට ගමම දැනගන්නේ අදාල තැනැත්තා හෝ අදාල පවුල පුර්ණ  නිරෝධානයකට ලක්ව ඇති බවය.
ඒ අකාරයෙන් අප මේ සමාජය දිරිමත් කරන අන්දමේ පණිවිඩයක් ලබාදිය යුතුව තිබේ.
ඒ අරුතින් බලන කළ සැබැවින්ම ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා මෙන්ම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හටද තුති පළකල යුතුව තිබේ.

තතු මෙසේව තිබියදි අප පසුගිය දිනක මිගමුව පිටිපනදි නිරෝධායනය ලක්කිරිම සදහා පවුලකට උපදෙස්  දිමට අදාලව පුවතක් පල කලෙමු.එහිදි අප මතු කරන්නට යෙදුන කරුණ වුයේ නිරෝධායන වන නිවසකට ප්‍රසිද්ධියේ අලවන ස්ටිකරය දින 14කට පසු නිරෝධායන සාර්ථකව අවසන් නම් PHIලාට එකි ස්ටිකරය එහි ගොස් ගලවා අදාල සහතිකය පිරිනැමිමට බැරිදැයි කියාය.

ඒ පුවත ගැන කිපි ඇති එක්තරා මහජන සෞඛ්‍ය පරික්ෂක මහතෙකු (මහතෙකු යැයි අපි ලිවේ එසේනොවන පගා කාරයන් පිරිසක්ද  ඒ නිලය තුල සිටින බැවිනි) අප හඳ පෙන්වන විට ඇඟිල්ල දෙස බලා බයිලාවක් වදාලේය.
අපි ඉන්නේ ගම සතුටු කරන්නට නෙමේ යැයි ද ඔහු කිවේය. ( ඔහු කිවේ එක අතකට ඇත්තය මිගමුවේ PHI ාලා අතර ලංසා පවුල සතුටු කරන්නට සැදි පැහැදි සිටින අය ගැන අප  පමණක් නොවේ දැන් මිගමුවම  දනි )
එහෙත් අප පෙරලා ප්‍රතිචාර නොදක්වා සිටියේ මිගමුවේදි අපට හමුවු PHIලා අතර ඔහු හොදි මිනිසෙකු ලෙස අප හදුනාෙගන සිටි බැවිනි.
එහෙත්  එවැන්නන්ගේ පවා මනෝභාවයන් ගැන දැනෙන විට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ගැන අප සැබැවින්ම කනාගාටුවෙමු.
මහජන සෞඛ්‍ය  පරික්ෂකවරුන් විසින් ඉටුකරනු ලබන කාර්ය භාරය ඉහලින්ම අගයන අතරේ අප මතුකරන්නට උත්සාහ කලේ කොරෝනා ගැටලුවට මැදිව සිටින පවුල් වල අයගේ සැබැ ප්‍රශ්ණය තේරුම් ගෙන එයටද මැදිහත්වන ලෙස ඉල්ලිමටය.
එහෙත් අවසානාවකි. එය යථාර්ථය ඔවුන් තේරුම් ගැනිමට අකමැතිවා සේය.

පහත පල⁣වන්නේ අප විසින් ලියු පිටිපන ගැන සටහනයි.

මේ රටේ කොවිඩ් පාලනය සම්බන්ධයෙන් කටයුතු කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට එල්ල වෙලා තියෙන බරපතල චෝදනාවක් තමයි නිරෝධායන පවුලක් කියල ගෙවල්වල්  ගේට්ටුවල ස්ටිකර් අලවල ගමටම දැනුම් දිල ගියාට පස්සේ මේ පවුල් තම නිරෝධායන කාලය හමාර වුනාම ඇයි එයාලට බැරි ඇවිත් ආයෙ ගමට කියල ඒ පවුලට නිරෝධායනය සාර්ථකව අවසන් කරල දැන් අවුලක් නැ කියල අර ස්ටිකර් එක එයාලම ඇවිත් ගහල වල දාන්න කියන එක.
දැන් පිටිපන පැත්තේ ගෙදරකට එයාල දන්න කියන නාවින හමුදාවේ භටයෙක් එනවා. ඊට පස්සේ මේ කථාව  PHI ලටත් ගිහින් එයාල ඇවිත් ගේට්ටුවේ මේ පවුල නිරෝධායන පවුලක් කියල අලවල යනවා.
දැන් දින ගාන හරි .ඒ පවුලේ අය  PHI ලට මේ ගැන කිව්වම එයාල කියනවලු එයාලට එන්න බැ ඒ පවුලේ අය නගර සභාවට ඇවිත් නිරෝධායන සහතිකය අරගෙන යන්න කියල.
එතකොට අර ගෙදර මිනිස්සු දැන් ගෙවල් ගානේ ගිහින් කියන්නද අපට කොරෝනා නැ ඔයාල බයවෙන්න එපා කියල.දැන් ඔය පිටිපන පැත්ත බලන මහත්තුරුන්ටත් යතුරු පැදි දිල තියෙනව නේද . කරවල මුදලාලිලව එහෙම හම්බවෙන්නත් එනවනේ ….????
මෙතන තියෙන ප්‍රශ්ණය මේකයි .
කොරෝනා ඇත්තටම පාලනය කරන්න ගම්වල මිනිස්සුනේගේ මනෝභාවයන් තේරුම් ගන්න මේ ගොඩක් මහත්තුරුන්ට බැරි වෙලා තියෙනවා.
PHI ල ඒකයි ආසාදිත ගෙවල් ගානේ යන කොට ගම්වල ඉන්න ප්‍රාදේශිය වාර්තාකාරයන්වත් පිරිවරාගෙනන යන්නේ . එතකොටම තේරෙනවනේ එයාල මානසික මට්ටම .
මේක තමයි සහතික ඇත්ත.
දැන් අර කදුසුරිදුගම දරුවෙක්ට කොරෝනා කියල මාධ්‍යකාරයොයි  PHI ලයි මොන සංදර්ශනයක් දැම්මද ? ඊට පස්සේ තමයි දැනගන්නේ ඒ පවුලේ කාටවත් කොරෝනා ආසාදිත වුනේ නැ කියල.මේ දවස්වල වාර්තා වෙන විදියට අර පොඩි එකාගේ වාර්තාවත් වැරදි එකක් වෙන්න ඇති.
ඒත්  එ පැත්තේ  PHI ල හෙන ගෙම්බර් .
ඒ පවුලේ අයටත් නිරෝධායන සහතික දෙන්න යනකොට හිරිහැර ගොඩක් කරල තියෙනවා.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article