spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘පියුමි ගැන කට හොල්ලන්න එපා!’ – අගමැති, සරත්ට කියයි

Must read

 නිරුපන ශිල්පිනී පියුමි හංසමාලිගේ සිද්ධිය සම්බන්ධයෙන් මේ අවස්ථාවේ දී කිසිවක් ප්‍රකාශ නොකොට නිහඬව ඉන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ, අද(05) පෙරවරුවේ පොලිසිය බාර අමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් උපදෙස් දී ඇතැයි වාර්තා වේ.      මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමග අනවශ්‍ය ගැටුමකට නොයන්නැයි ද අගමැතිවරයා මෙහිදී සරත් විරසේකර අමාත්‍යවරයාට අවවාද කර ඇතැයි ද පැවසේ.    ඒ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ අගමැති කාර්යාලයේ නිලධාරියකු පැවසුයේ,  ‘හිරු’ නාලිකාවට හා මාධ්‍යවේදී සමුදිත සමරවික්‍රමට එරෙහිව සරත් වීරසේකර අමාත්‍යවරයා විසින් නඩු පැවරීමට යන බවට වාර්තාවීමට සමග අගමැතිවරයා එසේ දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවයි.     

ඇමති ලේකම්ගේ නිවේදනය :  

නිරෝධනයට ලක්කල නිරුපන ශිල්පිනී පියුමි හංසමාලි ඇතුළු පිරිස තලංගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඔවුන් බස්රථයේම සිටියදී ඔවුන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ නිවෙස්වලින් අවශ්‍ය ඇඳුම් ඇතුළු සුභසාධක ද්‍රව්‍ය ලබාදුන් බව සරත් වීරසේකර අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා ඊයේ (04) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණ.    පසුගිය 30 දා රාත්‍රී ෂ්‍රැංගීලා හෝටලයේ උපන්දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් පොලිසිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මුදාහරිනු ලැබූ පිරිස නිරෝධායනයට රැගෙන ගිය බස් රථය ආපසු හැරවීමට ඇමතිවරයා කිසිඳු අකාරයකින් උපදෙස් දී නැති බවද එම එම නිවේදනය මගින් අවධාරණය කර තිබිණ.     එම නිවේදනය පළවීමෙන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ ඇමතිවරයා හාස්‍යයයට ලක් කරමින් පොස්ටු විශාල වශයෙන් සංසරණය විය.        

FB Post 2021 .06.05

‘චී ලැජ්ජයි ඇමැතිතුමා’ – චමුදිතගෙන් සැර ප්‍රතිචාරයක්   

    මේ අතර අද උදැසන ‘හිරු’ රූපවාහිනියේ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම, පොලිස් අමාත්‍යවරයාගේ හැසිරීම දැඩි ලෙස විවේචනය කළේය.   ”තමන් ජනතාවගේ බර කර ගසන නාට්ටාමි කෙනෙක් බවත් තමන් එම රැකියාව ඉතා ගෞරවයෙන් භාර ගන්නා බවත්” ඔහු කියා සිටියේ, නිරුපන ශිල්පිනී පියුමි හංසමාලි විසින් මිට ඉහත දී සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.  

 නිරෝධායන නීතිය ක්‍රියාත්මක වීමේ දී රටේ පුද්ගලයන්ගේ තරාතිරම අනුව ඔහු නීතිය වෙනස් විය නොහැකි බව ද ඔහු පැවසීය.   නීතිය බාර ඇමති සරත් වීරසේකර එම ඇමැති ධුරයේ රාජකාරී නිසි ලෙස කළයුතු බවත් නිරූපිකාවන්ගේ ඇඳුම් අදින එක ඔහුගේ කාර්යයක් නොවන බවත් චමුදිත එහිදී කියා සිටියේය.   ෂැංග්‍රී ලා හෝටලයේ උපන් දින සාදය සම්බන්ධයෙන් තවත් සැගවුනු තොරතුරු රැසක් සතු බවත් අවශ්‍ය මොහොතක ඒවා හෙලි කිරිමට සූදානම් බවත් ඔහු තව දුරටත් එහිදී පැවසීය.    

  මේ අතර නිරුපන ශිල්පිනී පියුමි හංසමාලි අද පෙරවරුවේ සිය ෆේස්බුක් ගිණුම හරහා සජීවීව එක්වෙමින් මෙසේ ප්‍රතිචාර දැක්විය.      

theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article