” පිළිම නෙලා නැති පොදු ජන විරූ සමරුව”

0
258

එදා….
2011 මැයි 30 වනදා
කම්කරුවන්ගේ යහපතට නොව ධනවතුන්ගේ හා ආණ්ඩුවේ පැවැත්ම උදෙසා අර්ථ සාධකය ගසා කෑමේ ක්‍රියාවලියට එරෙහි සටනේදී මරා දැමුණු රොෂෙන් චානක සොයුරාගේ මතකය මුල් කරගෙන කිතුසාර කණ්ඩායම අරගලයන්හිදී ඝාතනයට ලක් වූ ” පිළිම නෙලා නැති පොදු ජන විරූ සමරුව ” 2026 ජනවාරි 25 දින කටුනායක ඇවරිවත්තේදී සිදු කළේය

ඉතිහාසයේ සිට බැලුවහොත් දකින්නට ලැබෙන පරම සත්‍ය නම් ජනතා මනාපයෙන් බලයට පත්ව එම ජනතාව මරා දමන රටක් ඇත්නම් ඒ සිංහල බෞද්ධ ජාතිකවාදී රාජ්‍යයක් හා සර්වාගමික රටක් වන ශ්‍රී ලංකාවයFB IMG 1770489078689FB IMG 1770489082039FB IMG 1770489089146FB IMG 1770489085512

1971 දී 60000 දහසකට අධික තරුණ ප්‍රජාවක් ඝාතනය කළේය

1983 දී ජාතිවාදී විදේශපාලකයන් විසින් ජාතිවාදී වපුරා කලු ජූලිය නිර්මාණය කළේය එහිදී දෙමළ ජනතාවගේ ජීවිත හා දේපල විනාශ කළේය

1987_ 1990 එජාප ආණ්ඩුව විසින් 80,000 අධික තරුණ ප්‍රජාවක් ඝාතනය කළේය අතුරුදහන් කළේය

2009 දී රාජපක්ෂ පාලන සමයේදී දෙමළ තරුණ තරුණියන් ඇතුළුව 170,000 හකට අධික ප්‍රජාවක් ඝාතනය කර අතුරුදහන් කර දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරය කළේය

රාජපක්ෂ පාලන සමයේදීම මධ්‍යවේදීන් 44කට වැඩි ප්‍රමාණයක් ඝාතනය කළේය. තමා අයිතින් වෙනුවෙන් විදී අරගල කල අයවළුන්ව මරා දැමුවෙය.

• හලාවත ඇන්ටනී
• රතුපස්වල ශිෂ්‍යයන් දෙදෙනෙක් හා තරුණ පියෙක්ව
• කටුනාක රොෂෙන් චානක
ඇතුළු පිරිසක් ඝාතනය කලේය.
මේ පොදු ජන විරු සමරුව ජනතාව උදෙසා යහපත් රටක් ලෝකයක් වෙනුවෙන් දිවි පිදූ පිළිම නෙලා නැති විරුවන් සඳහාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here