පිළිස්සුන මළ සිරුර පොලිස් සැරයන්වරයාගේද?හඳුනාගැනිමට DNA පරික්ෂණයක්!

0
117

ඊයේ අලුයම මිගමුව කොච්චිකඩේ කම්මල්මෝය වෙරළ තිරයේදි සොයාගැනුන පිලිස්සුන මළ සිරුර  මිගමුවේ පොලිස් සැරයන් ජයන්තගේද යන සැකය තහවුරු කරගැනිම සඳහා DNA පරික්ෂණයක් කිරිම සඳහා වැඩබලන විනිසුරු නෙල්සන් කුමානායක විසින් ඊයේ නියෝග කර තිබුණි.IMG 20250614 WA0015

මළසිරුරද සමඟින් පිලිස්සි ගිය ත්‍රිරෝද රථය පොලිස් සැරයන් ජයන්තගේ බව ඔහුගේ බිරිඳ සහ දියණිය විසින් හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.

IMG 20250614 WA0012රතුපැහැති ත්‍රිරෝද රථයක ඊයේ (14) අලුයම 12.40ට පමණ කම්මල් මෝය ප්‍රදේශයට යමින් තිබුණ බව CCTV වාර්තා වලින්ද සනාථ කර තිබුණ බවද හෙළිව තිබේ.

කෙසේ වෙතත් මෙම සිදුවිම  ඊයේ  උදෑසන ප්‍රදේශවාසීන් දැක කොච්චිකඩේ පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව කොච්චිකඩේ පොලිසිය හා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහල වෙත මළ සිරුර රැගෙන ගෙන ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී මෙම පුද්ගලයා මීගමුව පොලිස් වසමේ අංක 22/2, ග්‍රාමෝදය මාවත, දළුපොත, මීගමුව ලිපිනයේ පදිංචි, මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පො.සැ.රි. 34506 හේරත් පතිරැන්නැහැලාගේ ජයන්ත පුෂ්පකුමාර (56) අනුමාන කරන අතර එය තහවුරු කරගැනිම සඳහා හෙට දිනයේ DNA පරික්ෂණයක් සිදුකිරිමට නියමිතව තිබේ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here