spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

“පුතෙකුට ” සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතයට පනපොවන මීගමුවේ ජුලියන් විජේසේකර

Must read

 9 සුරංග දේශප්‍රිය කටුගම්පොලගේ ප්‍රථම සිනමා සුරංග දේශප්‍රිය කටුගම්පොලගේ ප්‍රථම සිනමා නිර්මාණය  පුතෙකුට ( per un figlio )  මාර්තු 30 වෙනිදා සිට තිරගත වීමට නියමිතය. පුතෙකුට (  per un figlio    )  සිය කුලුදුල් නිර්මාණය හරහා ඉතාලියේ සේවයේ නියතු ශ්‍රි ලාංකීක මවකගේ හා පුතෙකුගේ ජීවිතයට සිදුවන සමාජීය බලපෑම මෙම චිත්‍රපටිය හරහා   විස්තර කෙරෙයි.
සිය ප්‍රථම නිර්මාණයයේ උපත ආරම්භ වන්නේ මීගමුවේදීය.ඒ 2014 දෙසැම්බර් ලංකාවට යන සුරංග තම මිතුරෙකු සමඟ මෙම අදහස විචාරයට ලක්කරමිනි.  

   ”    කුඩා කල  තම මවගේ ආදරය නොලැබෙන පුතා කාලයත් සමඟ ඉතාලියට සංක්‍රමණය වෙයි. ඒ ඉතාලියේ සේවය කරන තම මව වෙතය.  අධ්‍යාපනය  අතරමග නතර වීම හා අලුත් සංස්කෘතියක් ,අලුත් ජාතියක්, පාටක් ,දසුනක් ,විලාසිතා, භාෂාවක් තුල ජිවිතය ආරම්භ කරන පුතෙකුට අත්දැකීමට ලැබෙන අත්දැකීම් සිදුවීම් තරමක් කුතුහලයක් සහිත අභියෝගයක්  වෙයි….. මුදලට ලඝු වූ කාලය මානසීක හා සංස්කෘතික පෙරලියේ අඩුපාඩු සොයන්නට චිත්‍රපටියේ මවගේ චරීතයට පෙනී සිටින   සුනීතාට හැකිවුනේද ? යන්න මෙම චිත්‍රපටිය හරහා විමසයි.”

‘පුතෙකුට”   සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිත දෙකක් වෙයි.එහි අම්මගෙ චරිතය රඟදක්වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රවීන සිනමා නිළි කෞශල්‍යා ප්‍රනාන්දුයි. අන් සියලුම චරිත ආඳුනීකයන් වන අතර ඔවුන් සියලු දෙනා ශ්‍රී  ලංකාවේ සිට  ඉතාලියට සංක්‍රමනිකයන් වේ.  යම් ඉතාලි ජාතිකයින් කිහිපදෙනෙකුද මෙයට දායක වී ඇත.මෙහි පුතාගේ චරිතයට පනපොවනනේ ජූලියන් ස්ටේෆාන් විජේසේකර නම් 17 හැවරදි තරුණයයි.ඔහුගේ උපන් ගම වන්නේ මීගමුවයි.වයස අවුරුදු 7 දී ජූලියන්   තම දෙමාපියන්ද  සමඟ ඉතාලියට සංක්‍රමණය වෙ. තම ප්‍රථම සිනමා රංගන අත්දැකීම ජූලියන් මෙසේ මීපුරට විස්තර කලේය.
ජූලියන්ට මෙම චිත්‍රපටියට ආරාධනය ලැබුණේ කොහොමද?
     මම මේ චිත්‍රපටියට සම්බන්ධව දැනුවත් වුනේ ෆේස්බුක් එක හරහා දැකපු පෝස්ට් එකකින්.චිත්‍රපටිය මොනවගේද කියලා පැහැදිලි කරලා එහි නොතිබුනත් ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ඉතාලිය තුල කරන චිත්‍රපටියක් නිසාත්  මගේ තිබුනු ආසාව නිසාත් මම මගේ දෙමාපියෝ එක්කත් කතා බහ කරලා තිරණය කලා තොරාගැනීම් වලට සහභාගි වෙන්න.අනික මම පොඩි කාලේ ඉදන්ම රඟපාන්න කැමති. ඉස්කොලේදි නාට්‍ය කිහිපයකට සහභාගි වෙලා තිබුනා  , ඒකත් එක්  හේතුවක් වුනා  රඟපාන්න ආසාවක් ඇතිකිරීමට.  මේ චිත්‍රපටියේ මූලික තෝරාගැනීම්   ඉතාලියේ නගර තුනක   තිබුනා මිලානෝ වෙරෝනා රෝම් යන නගර වල.අන්තීමට ප්‍රධාන චරිතයට හතර දෙනෙක් තේරිලා තිබුනා.ඒ අතර මමත් හිටියා. අවසානයේ වෙරෝනා වල තියටර් එකක පුහුණු සැසියක් තිබුනා එහිදි   නිෂ්පාදකවරයා මාව මෙහි ප්‍රධාන චරිතයට තෝරගත්තා.
ජූලියන්ගේ පවුලේ විස්තර මොනවාද? දැන කොච්චර කාලායක් වෙනවාද ඉතාලියට ඇවිත්?
    මගේ පවුලේ පස්දෙනෙක් ඉන්නවා අම්මා, තාත්තා  සහ බාල සහෝදරයින් දෙන්නෙක් ඉන්නවා.මම ඉතාලියට ආවේ මට අවුරුදු 7 දී . දැන් මට අවුරුදු 17ක් වෙනවා.මම ලංකාවේ මීගමුවේ.
 ජූලියන් මේ දවස්වල මොකද කරන්නේ? පාසල් යනවාද? 
                     මම මෙහෙ ඉතාලි පාසලකට යන්නේ. දැන් ද්විතීක අංශයේ තෙවන වසරේ ඉගනුම ලබනවා.මම වසරක් පහලින් මෙහෙ පාසල් අධ්‍යාපනය පටන් ගත්තේ මොකද මට මුල සිටම හොදින් සහ ඉක්මනින් ඉතාලි  භාෂාව ඉගෙනගන්න අවශ්‍ය    නිසා.මම විනෝදාංශ විදියට නර්තනය හා ජපන් (AIKIDO )  සටන් කලාව ඉගෙනගන්නවා.
ජූලියන්ගේ ආනාගත බලාපොරොත්තුව මොකක්ද?
               මම  අධ්‍යාපනයෙන් ඉහලටම යන්න කැමතියි.මගේ අදහසක් තියනවා ආර්ථීක වීද්‍යාව පිලිබඳ හදාරන්න.ඒ වගේම බොහෝදුරට උසස් අධ්‍යාපනය සදහා  වෙනත් රටකට යන්නත් අදහසක් තියනවා.ඒ අතරතුර  රංගනයෙනුත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.sun7
 ඔබේ ප්‍රථම සිනමා අත්දැකීම මොනවගේද?
    මේ මගේ ප්‍රථම සිනමා අත්දැකීම.ඒ ගැන ගොඩාක් සතුටුයි. වගේම පොඩි චකිතයකුත් නොතිබුනානම් නොවෙයි.පාසලේද යම් නට්‍ය කිහිපයක රඟපෑවට මම පොඩි අභියෝගයක් වුනා මෙම චරිතයට මුහුණ දීම.
මෙම චිත්‍රපටියේන් ඔබ ලබපු අත්දිකීම් හා මුහුන දුන් අමතක නොවන සිදුවීම් මොනවාද ?
    මම කවදාවත් රඟපැමට පුහුනු පාසලකටවත් ගිහින් නැහැ ඒක නිසා මට බයක් තිබ්බා මේක කරගන්න පුලුවන් වෙයිද කියලා.මොකද ප්‍රවීන සිනමා නිළි  කෞශල්යා ප්‍රනාන්දු වගේ හොද නිළියක් හා චන්න දේශප්‍රිය වගේ නිශ්පාදකවරයේක් වගේ පරිනත අය එක්ක  ඒ මට්ටමට ඉන්න පුලුවන් වේවිද කියන එක. සුරංග දේශප්‍රිය නව අදහස් තිබෙන නව අධ්‍යක්ශකවරයෙක් ඔහුගේ අමුතු අදහස් තියෙන්නේ එයා මට පිටපතක් දුන්නේ නැහැ. ඔහු  බලාපොරොත්තු වෙන චරිතය පිළිබඳ   අදහසක් විතරයි මට දුන්නේ.හැමදේම ස්භාවික විදියට තමයි රඟපන්න කිව්වේ.
   මේ හැමදේම මගේ ජීවීතයේ අමතක නොවන සිදුවීම්.පරිනත නිශ්පාදකවරයෙක්, කෞශල්යා නැන්දා  වගේ පළපුරුදු සහිත නිළියක් එක්ක එකට වැඩ කරන්න ලැබීම ඒ වගේම් ඒ අය ගොඩාක් කාරුනීක වුනා.ගොඩාක්ම කෞශල්‍යා නැන්දා, එයා මට අම්මා කෙනෙක් වගේ සැලකුවේ.දවසක් මට කිව්වා එයාගේ පුතත් අනාගතයේදී මම වගේ වෙනවානම් කැමතියි කියලා.ඒ තමා මගේ ජිවිතේ ලබපු ලොකුම අත්දැකීම මේ චිත්‍රපටිය හරහා.
sun4
චිත්‍රපටිය ගැන පොඩි සඳහනක් කලොත් ? පටිගත කලේ කොහෙද කවුද රඟපන්නේ ? 
             චිත්‍රපටිය ගැන කියනවානම් පටිගත කිරීම් පටන් ගත්තේ වෙරෝනාවල 2015 ඔක්තෝම්බර් මාසේ.මම මගේ පවුලෙන් වෙන්වෙල මුලු මාසේම වෙරෝනා වල නිවසක ඔවුන් සමඟ නතර වෙලා හිටියා.සුරංග අයියයි, චන්න දේශප්‍රියයි, කෞශල්යා  නැන්ඳයි  , තව චිත්‍රපටියට සහය වුනු හැමෝම එකට නතර වෙලා එකට කාලා බීලා පවුලක් වගේ හිටියා.
         මෙහි ඉතාලි ජාතික නලුවන් 03 ක් ඉන්නවා. ඔවුන් තුන්දෙනාම වෙරෝනා වලින්. මොකද වෙරෝනා වල ප්‍රදේශීය භාශාවේ උච්චාරණ ප්‍රාසය (විවාහරය) අවශ්‍ය නිසා.චිත්‍රපටියට කලින් මම ඔවුන් හඳුනාගෙන තිබුනේ නැහැ නමුත් චිත්‍රපටිය තුල ඔවුන් රඟදක්වන්නේ මගේ යාලුවෝ විදියට  නිසා පටිගත කිරීම වලට කලින් කිහිපවරක් අපි හමුවුනා , හමුවෙලා යහලු වුනා. ඔවුන් එක්ක වැඩ කරන එක ගොඩාක් පහසු වුනා.මොකද ඔවුන් අත්දැකීම් සහිත  වේදිකා නාට්‍යකරුවන් නිසා.ඔවුනුත් මට මගපෙන්වීම් ලබා දුන්නා.
පවුමෙම චිත්‍රපටියේ පුතෙකුට කියන චරිතය ඔයාගේ ජීවිතයට සම්බන්ධ වෙලා තිබෙනවාද? ඔයා මොකද මේ චරිතය ගැන හිතන්නේ , රඟපෑම් අතරතුර ඔයාට මොනාද දැනුනේ?
                     මේ චරිතය මගේ සෑබෑ ජීවිතය එක්ක ලොකු සම්බන්ධයක් නැහැ මොකද මගේ මම කවදාවත් මගේ පවුලෙන් වෙන් වෙලා ඉදලා  නැහැ.මට ලස්සන පවුලක් තියනවා අපි කවදාවත් වෙන්වෙලා ජීවත්වෙලා නැහැ.ඒත්  මම මාසයක් වෙරෝනා මම මගේ  අම්මාගෙන් වෙන්වෙලා හිටපු නිසා මට දැනුන මොනවගේ හෑගීමක්ද එන්නේ කියලා.අම්ම නැතුව ඉන්නේ. කොහොමද තනියම තමන් ගැන හිතාගෙන ජිවත් වෙන්නේ කියලා. කෞශල්‍යා නැන්දා එයාගේ පුතාලා දෙන්නාව ලංකාවේ දාලා මාසයක් මෙහෙ හිටියානේ. එතකොට මම දැක්කා එයාගේ හැසීරීම් තුලින් අම්මා කෙනෙක්ට මොනවද දැනෙන්නේ කියලා ලමයි නැතුව ජීවත් වෙද්දී.එයා ගොඩාක් දුකින් උන්නේ හැමදාම ලමයිට කතා කරනවා..ඒ හැගීම මම දැක්කා එතකොට මමත් හිතුවා මගේ අම්මාත් මේ වගේ නේ හිතනවා ඇති කියලා. මේ වගේ දුකක් මගේ අම්මටටත් දැනෙනවනේ   කියලා.දවසක් එක් සිදුවීමක් වුනා ඒක පටිගත කිරීමට පෙර සුරංග අයියා මට උපදෙස් ලබාදීලා සිදුවීම විතර කලා ඒ වේලාවේ මට මගේ අම්මාව මතක් වුනා මට දුක හිතිලා එකපාරට ඇඬුනා.ඒ එක්කම සුරංග අයියා  කිව්වා ඒ හැඟීමත් එක්කම ඒ කඳුලුත් එක්කම සිදුවීම පටිගත කරන්න කියලා.
වෘත්තියේ මට්ටමේ  නිළියක් සමඟ පුතෙකුගේ චරිතය රංගනයට සුදානම් වුනේ කොහොමද?
                කෞශල්‍යා නැන්දා  මුලසිටම මා එක්ක  සුහදව කතා කලා.මට ආඳුනීකයෙක් කියන හැඟීම දැනේන්න දුන්නේ නෑ.මොකද අම්මා පුතා යන චරිතය එක්ක තෙබන රාමුව හදා ගන්න අපි ගොඩාක් ඉක්මනට යාලු වුනා.එයා මට එයාගෙම පුතා විදියට සැලකුවේ.කතා කලෙත් එහෙමයි. අපි මාසයක් එක ගෙදරක හිටියා හරියට මගේ අම්මා වගේ, මට කන්න දෙන්න, නාන්න දත්මදින්න හැමදෙටම එයා මට කතා කරනවා ඒ බැඳීම මෙම චරිතය රංගපාන්න පිටිවහලක් වුනා.

රඟපෑම ගැන  ජූලියන්ට අනාගත බලාපොරොත්තු තියෙනවාද ?  හැමදාම ඉතාලියේ ඉන්නද කල්පනාව?

     මම ලංකාවට පදිංචියට යන්න බලාපොරොත්තුවක් නැහැ. ඒත් මම කැමතී ලංකාවේ නිර්මාණ වලට රංගනයේන් දායක වෙන්න. කවුරුහරි හොද නිර්මාණයකට ආරාධනා කලොත් මගේ පාසල් නිවාඩු කාල වලදී මම යන්න කැමතියි.
sun5 8

මාර්තු 30 වෙනිදා සිට පුතෙකුට සිනමා නිර්මාණය  ඉතාලිය පුරා තොරාගත් නගර හා සිනමාහල් වල තිරගත වේ, තම පළමු සිනමා නිර්මානය හරහා රංගන ජීවිතය ආරම්භ කරන මීගමුවේ ජූලියන් විජේසේකර හට මීපුර අපෙන් සුභාශිංෂණ පත්න්නේමු.


සටහන : ඩිල්ෂාන් තිසේරා / ඩිලා විරසේකර

Save

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article