spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පුද්ගලික අංශයේ සේවකයින්ට කුඩම්මාගේ සැලකිලි ඇයි?

Must read

2021/05/29
මාධ්‍ය නිවේදනය
සියළුම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වෙත
ප්‍රිය මහත්මයානෙනි මහත්මියනි


පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පුද්ගලික අංශයේ සේවකයින්ට කුඩම්මාගේ සැලකිලි ඇයි?


කොවිඩ් තුන්වන රැල්ල රට පුරා පැතිර යමින් තිබිියදී කර්මාන්තශාලා වසා නොදමා පවත්වාගෙන යා යුතු යැයි ආණ්ඩුව ගත් තීරණය මත සේවක ජීවිත වල අවධානම මෙන්ම සෞඛ්‍ය නීති රීති පවා නොතකමින් තම ආයතන පවත්වාගෙන යන්නට හාම්පුතුන් ගෙන ඇති තීරණය මත මේ වන විට කටුනායක ඇතුලූ නිදහස් වෙළඳ කලාප වල කොවිඩ් මරණ කිහිපයක්ද වාර්තා වී ඇත.
ඇඟලූම් සේවක සේවිකාවන් එලෙස සේවයට කැඳවීම ප්‍රථමයෙන් අපි තරයේ හෙලා දකින්නෙමු.
කර්මාන්තශාලා තුළින් කොවිඩ් පොකුරු සේම මරණ 04 ක් වාර්තා වී ඇති වාතාවරනයක් තූල පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සඳහා එන්නත් ලබාදීමද නිසියාකරව සිදු නොවන අතර ආයතන විසින් එන්නත්කරනය සිදුකරනු ලබන්නේ ආයතන කළමනාකාරීත්වයේ ප්‍රමුඛතාගත කිරීමක් අනුවය ඡක‍ඍ පරීක්ෂණ සිදු කළත් ඒවායේ වාර්ථා ලැඛෙන තුරු සේවකයන් දින ගනනක් සේවය කිරීම තුල ඔවුන් සමාජගතවීම සිදුවන අතර එමඟින් රෝගය පැතිරීමේ බරපතල අවධානමක් පවතී.


එසේම යම් හෙයකින් ශ්‍රමිකයෙකු සේවා ස්ථානයේදී ආසාදිත වුවහොත් ඔහු හෝ ඇය ඉවතට ගෙන ලඟම සිටින සේවකයන් දෙදෙනා පමණක් නිරෝධායනයට යොමු කිරීම ප්‍රමාණවත් නොවන බව සේවකයන්ගේ අදහස වේ.
තවද ගැබිණි මව්වරුන් සමහර ආයතන තුල තවමත් සේවයේ යෙදෙන අතර අපට දැනගන්නට ලැබී ඇත්තේ සේවිකාවන් නේවාසිකාගාර වල නිරෝධායනය කරනු ලබන්නේ කාන්තාවන් නිරෝධායනයට යොමු කිරීම සඳහා ස්ථානයක් නොමැති නිසා බවයි.


කොරෝනා රෝගය බෝවීමේ දැඩි අවධානම මත පුද්ගලික අංශයේ විශේෂයෙන්ම නිදහස් වෙළඳ කලාප වල සේවක සේවිකාවන් නිවැරදි සෞඛ්‍ය නීති රීති වලට පටහැනිව සේවයේ යෙදවීම පිළිබඳව අප කියා සිටින්නේ රජය සහ හාම්පුතුන් ඇතුලූ සියළුම දෙනා මේ සිදු කරන්නේ මාරාන්තික කොවිඩ් වෛරසය හමුවේ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් හිතා මතා අතහැර දමන බවයි.


ඔසේම පසුගියදා ජනාධිපතිවරයා විසින් සොඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ යම් පෞද්ගලික සමාගමක හෝ ආයතනයක සේවකයෙකු කොවිඩ් ආසාදිතයෙකු වුවහොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ වගකීම අදාල සමාගම හෝ ආයතනය විසින් බාර ගත යුතු බවයි එය යම් ප්‍රමානයකට අගය කළ යුතු කරුණක් වුවත් පවතින කොවිඩ් අවධානම් තත්ත්වය හමුවේ රජය පුද්ගලික අංශයේ සේවකයන්ගේ වගකීම එම සමාගම් හිමියන්ට හෝ ආයතන වලට පැවරීම තුල අප දකින්නේ රටේම පුරවැසියන් කොටසකට වෙනස්කොට සැලකීමක් මෙන්ම අතහැර දැමීමක් කරන බවය.


ශ්‍රීලංකා රජය මෙරට පුරවැසියාගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරුකිරීමට බැඳී සිටින අතර එය අත්හැරීම මෙරට පුරවැසියන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් වේ.
තවද ජනාධිපතිවරයා පවසන පරිදි පුද්ගලික අංශයේ හාම්පුතුන් විසින් එය නිසියාකාරව සිදුකරන බවට අපහට කිසිදු විශ්වාශයක් නොමැත.


එවැනි තත්ත්වයක් තුල රජය හාම්පුතුන් සහ සේවක නියෝජිතයන්ගෙන් සැදුම් ලත් විශේෂ කාර්්‍යසාධක බලකායක් මඟින් පෞද්ගලික අංශයේ කොවිඩ් මර්ධනය සඳහා නිසියාකාරයෙන් කටයුතු කරන මෙන් අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.
සෞඛ්‍ය කමිටු පිහිටුවීමටල කම්කරුවන්ට සංවිධානගත වීමට ඉඩ නොතබමින් සහ සේවකයන්ගේ සෞඛය ආරක්ෂාව සැපයීමේ වගකීමෙන් බලධරයන් ඈත්ව සිටීම හේතුවෙන් මේ වන විට ඇඟලූම් ක්ෂේත්‍රයේ ජීවිත 04 ක් අහිමිව තවත් දහස් ගනනක සේවක පිරිසක් ආසාධිතයන් වී තවත් පිරිසක් ඔවුන්ගේ නේවාසිකාගාර වලම නිරෝධායනය කිරීම තුල නේවාසිකාගාර හිමියන්ද දැඩි අර්බුධයකට මුහුණ දී සිටී.


තවදුරටත් අප ප්‍රශ්න නගන්නේ ලාබය පමණක් මුල්කර ගනිමින් නිදහස් වෙළඳ කලාප කම්හල් සේවක සේවිකාවන්ගේ ජීවිත බිල්ලට දෙනවාද නැතහොත් මුලූ රටම වසා දමා ඇති මේ මොහොතේ පෞද්ගලික අංශයටත් නිවාඩුවක් ලබාදී ඔවුන්ගේ ජීවිත මෙන්ම රටේ ආර්ථීකය හා අනාගතය වෙනුවෙන් කොවිඩ් වසංගතය අතුගා දමන්නට අවශ්‍ය කටයුතු කරනවාද යනුවෙනි.


නිදහස් වෙළඳ කලාප වල සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ලෙස අප අදාල බලධාරීන් වෙත පහත යෝජනා ඉදිරිපත් කරන්නෙමු.


01. පෞද්ගලික අංශයේ ආයතන වලටද වැටුප් සහිත නිවාඩු ලබාදෙන ලෙස
02. පෞද්ගලික අංශයේ ගැබිණි මව්වරුන් සේවයට නොකැ`දවන ලෙස
03.ආයතන මට්ටමින් සෞඛ්‍ය කමිටු පිහිටුවීම හැකි ඉක්මනින් කරන ලෙසත් ඒවා නියාමනය කිරීම සඳහා අදාල අංශ වල නිලධාරීන් හාැ පුද්ගලයන් පත් කරන ලෙස
04.වැඩ කරන කම්කරුවන් සඳහා එන්නත වහා ලබා දෙන ලෙස
05. නිරෝධායනය සඳහා සුදුසු ස්ථාන කම්කරු කාන්තාවන්ට සහ පිරිමි කම්කරුවන්ට වෙන් වෙන් වශයෙන් ලබාදෙන ලෙස
06. ආසාධනය වීමේ ප්‍රවනතාවය වැඩි බැවින් රෝගීන්ව ඉක්මනින් හදුනාගැනීම සඳහා ඡක‍ඍ පරීක්ෂණ කිරීමේ ක්‍රමවේදය කඩිනම් හා කාර්්‍යක්ෂම කිරීම
ස්තූතියි
චන්ද්‍රා දේවනාරායන
විධායක අධ්‍යක්ෂිකා
RED සංවිධානය – කටුනායක

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article