spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පිනට ලැබුණු එන්නත් විදගත් හැටි ගැන ‘විගණනයක් ඕනෑ’

Must read

messenger sharing button

මාරාන්තික වසංගතය පාලනය කිරීම සදහා මෙරටට නොමිලේ ලැබුණු එන්නත් භාවිත කළ ආකාරය සම්බන්ධයෙන් විගණනයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගුරු සංගමයක් විගණකාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.   මැයි 30 ඉරිදා විගණකාධිපති වෙත ලිපියක් යොමු කරමින් ලංකා ගුරු සංගමය ඉල්ලා ඇත්තේ මෙරටට ප්‍රදාන ලෙස ලැබුණු හා මිල දී ගන්නා ලද එන්නත් භාවිත වු ආකාරය සම්බන්ධයෙන් කඩිනමින් විගණනයක් සිදු කරන ලෙසයි.   සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැයි 24 දිනැතිව යොමු කර ඇති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සදහන් පරිදි ඉන්දියාවේ පරිත්‍යාගයක් ලෙස Covishield එන්නත් මාත්‍රා 500,000 ක් ලැබී තිබේ.   Stalin

ලංකා‌ ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් පෙන්වා දෙන්නේ එම වර්ගයෙන් ම තවත් එන්නත් මාත්‍රා 500,000 ක් මිලට ගෙන ඇති බවයි.   ලංකාවට ලැබී ඇති අනෙක්තු එන්නත් ප්‍රමාණයන්ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් විගණකාධිපතිවරයාගේ අවදානයට ලක් කර තිබේ.  

“එසේම ජාත්‍යන්තර එන්නත්කරණ ව්‍යාපෘතියට අනුව COVAX යටතේ එන්නත් මාත්‍රා 264,000 ක් ලැබී ඇත. චීන රජයෙන් Sinofarm එන්නත් මාත්‍රා 600,000 ක් ලැබී ඇති අතර, රුසියාවෙන් Sputnik එන්නත් මාත්‍රා 15,000 ක් ලැබී ඇත. ”  

  ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායක ජෝසප් ස්ටාලින් සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සිදුකරන ලද එන්නත් ලබාදීමේ ක්‍රියාවලියේ විවිධ අක්‍රමිකතා සිදු වී ඇති බව දිගින් දිගටම වාර්තා වන අතර එන්නත් මුදලට විණිනීම, විවිධ දේශපාලන අනුග්‍රහයන් යටතේ එන්නත් ලබාදීම ආදිය ඒ තුළ වාර්තා වන බවයි.  

  නිතර මහජනතාව සමග සම්බන්ධ වන වෘත්තික කණ්ඩායම් ගණනාවක් දිගින් දිගටම තමන්ට එන්නත් ලබාදෙන ලෙස සිදු කරන විවිධ බලපෑම් සම්බන්ධයෙන්ද පෙන්වාදෙන  ගුරු සංගම් නායකයා තමන්ද ඒ සම්බන්ධයෙන් කර ඇති ඉල්ලීම් පිලිබදවත්  සිහිපත් කර තිබේ.

  “පසුගිය මාර්තු මස සාමාන්‍ය පෙළ විභාගය පැවැති අවස්ථාවේ  විභාග කාර්ය මණ්ඩල සදහා එන්නත් ලබාදෙන ලෙස අප විසින්ද ඉල්ලා සිටි අතර, විභාග කොමසාරිස්වරයාද විභාග කාර්ය මණ්ඩල සදහා එන්නත් ලබාදෙන ලෙස ඉල්ලා සිටින ලදී. එහෙත් විභාග කාර්ය මණ්ඩල සදහා එන්නත් ලබාදීම ද සිදු නොවුණි. එසේම පාසල් විවෘත කිරීමට පෙර පුමුඛ කණ්ඩායමක් ලෙස සලකා ගුරුවරුන්ට එන්නත් ලබාදෙන ලෙසද අප විසින් ඉල්ලා සිටින ලදි.

එහෙත් මේ දක්වා ගුරුවරුන්ට එන්නත් ලබාදීමට කටයුතු සිදුවී නැත.

”   මෙසේ ප්‍රමුඛ කණ්ඩායම්වලට එන්නත් ලබා නොදී ඉහත ආකාරයෙන් එන්නත් මුදලට ලබාදීම හෝ විවිධ දේශපාලන අනුග්‍රහයන් යටතේ එන්නත් ලබාදීම සිදු වන්නේ නම් එය මහජන දේපල අවභාවිතාවක් බවත් ලංකා ගුරු සංගමය විගණකාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

දිස්ත්‍රික් ප්‍රමුඛතා:

dsfsf

පවිත්‍රා වන්නිආරච්චි  

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසන්නේ මේ වන විට දිවයිනේ කොව්ඩ් රෝගීන් වාර්තා වන අධි අවදානම් දිස්ත්‍රික්ක තෝරා ගෙන එන්නත්කරණය ආරම්භ කර ඇති බවයි.   ඒ අනුව මැයි 30 ඉරිදා සිය ඡන්දදායකයන් ඉන්නා දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කරන අතර ඉන්පසු යාපනය දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කරන බව ඇය පසුගියදා මාධ්‍ය වෙත පවසා‌ තිබුනි.

  “ලෝකයේ එන්නත් ලබා ගැනීම අති දුෂ්කර කාර්යයක්. ලෝකයේ එකම එන්නතක් ‌හෝ ලබා නොගත් රටවල් 45 ක් තියෙනවා. ලංකාවේ දී එන්නත් ලබා දීමේ දී දිස්ත්‍රික්ක ප්‍රමුඛතා ගත කිරීමේ දී නිර්ණායකයන් කිහිපයක් පාවිච්චි කලා. එයින් ඒකක් තමයි මේ දිස්ත්‍රික්ක වල හමු වු රෝගීන් සංඛ්‍යාව, මෑතකදී හමු වු රෝගීන් සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව ඒ වගේම ඒ භූමියේ ස්වභාවය. මේ කාරණා සලකා බලමින් තමයි කුමන දිස්ත්‍රික්ක වලට එන්නත් ලබා දිය යුතු ද යන්න අප තීරණය කරනු ලබන්නේ. ඒ අනුව ඊලඟට ලැබෙන එන්නත් අපි දැනට ලබා දෙන දිස්‍ත්‍රික්ක වලට අමතරව රත්නපුර සහ යාපනය යන දිස්ත්‍රික්ක වලට ලබා දීමට අපි කටයුතු කරනවා. මෙහිදී රත්නපුර දිස්‍ත්‍රික්යේ එන්නත ලබා දීම ලබන 30 වෙනිදා ඉරිදා ආරම්භ කරනවා.”

theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article