spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ධිවරයෝ අසරණයි ! මීගමු දේශපාලකයෝ කර හරියි ?

Must read

මිගමුවේ ධිවරයෝ මේ කාලේ තරම් අමාරුම අඩියකට වැටිච්ච කාලයක් නැති තරම් . මැයි මාසේ 13 ඉදන් හුළං හින්ද කැළඹුන මුහුද, රස්සාවට යන එක ධිවරයන්ට අහුරලා තිබුනේ .
අවුරුදු කාලේ ඉදන්ම මාළු එච්චර තිබුනෙ නැති හින්ද අසරණ වෙලා හිටපු ධිවරයෝ කබලයෙන් ලිපට වැටුනේ කොරෝනා හින්ද ලෙල්ලම් වහපු හින්ද .


දැන් ගිනිගත්තු නැවයි පරිසර හානියයි හින්ද මාළු අල්ලන්න යන එකත් නවත්තලා .
කෝ ඒත් මේ ජනතාවගේ ප්‍රශ්ණ ගැන කථා කරන්න ඡන්ද කාලේ ධිවර පුත්තු කියල බෝඩ් ගහගෙන බෙරිහන් දුන්න අය .
ඒ කව්රුත් පහුගිය දවස්වල අඩුම තරමින් වොයිස් කට් වලවත් නැ මිගමුවේ ධිවරයන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න කියල හොටු පෙරාගෙන අඩන්න .


අර පාස්කු ප්‍රහාර කාලේ දාපු ඇක්ටින් කිසි දෙයක් නැ මේ දවස්වල …
මහජන බදු මුදල් වියදම කරල හරි ඡන්ද කාලේ අයියල මල්ලිල තරගෙට කරපු බඩු බෙදිල්ලත් දැන් නෑ. කොටින්ම ඒ නත්තල් පප්පල මේ දවස්වල මීක් කියන්නේත් නැ .
ඡන්ද කාලේ මිගමුවේ ධිවරයන්ට දිල තිබුන එයාලාගෙ නම් ගහපු තෝප්පි දාගෙන ධිවරයෝ වේලි වේලි ඉන්නවා ..
ඒච්චරයි …..

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article