spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පුරවැසියන්ගේ මැදිහත්විමෙන් දළුපත අනවසර ඉදිකිරිම නවතී!

Must read

IMG-20191025-WA0048IMG-20191025-WA0045IMG-20191025-WA0042

දළුපත මෙතෝදිස්ත දේවස්ථානය පසුකළ පසු හමුවන
තුංමන්හන්දියේ ගලායන ඇල අභියස අනවසරයෙන් ගොඩනැගීමට උත්සාහ කළ නිවසක වැඩ කටයුතු නතර කිරීමට ප්‍රදෙශවාසීන්ගේ මැදිහත් වීමෙන් හැකිවිය.මෙම ඉදිකිරිම සිදුකරන ලද පුද්ගලයා ප්‍රදේශවාසින් මෙයට සිය විරෝධය පළකරද්දි කියා තිබුනේ තමන් ලංසලාව හොදින් දන්නා කෙනෙකු බවය.විශාල වියදමක් දරමින් ආරම්භ කර තිබුන මෙම ඉදි කිරිම මගින් කියැවෙන එක් කරුණක් තිබේ.එනම් බලහත්කාරයෙන් මෙය හදන්නට දේශපාලන හයිය පමණක් ප්‍රමාණවත් බවය.එහෙත් මෙයට එරෙහිව නැගුන පුරවැසි විරෝධයත් එයට කඩහඩ දිමට මිපුර වෙබ් අඩවිය සිටිමත් සමගින් දැන් ලංසලාගේ ගෝලයා නොකර සද්ද මෙම ඉදිකිරිමේ කටයුතු නවතා දමා තිබේ.ඒ නැගුන මහජන විරෝධය හමුවේ මිගමුව මහනගර සභාවේ තාක්ෂණ නිලධාරිණිය විසින් නියෝගයක් ලබාදි තිබිම නිසාය.
එසේම දළුපත පිල්ලෑව පාරේ එවැනිම අනවසර කඩ කාමර 4 ක් හැදීමට සූදානම් වීමේදී ප්‍රදේශවාසීන් එය නතර කිරීමට සමත්විය .
මෙම උදාහරණ දෙකෙන් පැහැදිළි වන්නේ මීගමුව නගරයේ පසුගිය වකවානුව තුළ සිදුකළ අනවසර ගොඩනැගීම් ජනතාවගේ නිසි මැදිහත්වීමක් තිබුනේ නම් නතර කිරීමට හැකියාක් තිබුනු බවයි

නමුත් සියළු අනවසර ගොඩනැගීම් සහ වෙනත් එවැනි කටයුතු නගරසභාවේ ඉහළින් ලැබුන අවසරය තුළින් සකසා ගැනීමට හැකියාව ලැබින. එසේ ඉඩ කඩ ලැබී ඇත්තේ මුදල් බලය සහ නිල බලය මෙහිදී සම්බන්ධව වීමේ හේතුවෙනි .
ඉතිහාසය පුරා සිදුවූ මෙම අත්තනෝමතික ජනතා⁣ විරෝධී ක්‍රියාවන්ට කිසිවෙකු විරුද්ධව කටයුතු කළේ නැත. එනිසාම වගකිවයුතු අයම මෙම දූෂිත ක්‍රියාවන්ට මැදිහත්වීම කණගාටුවට කරුණකි . ඒනිසා ඉහත අනවසර ස්ථාන නතර කිරීම ප්‍රදේශවාසී ජනතාවගේ ජයග්‍රහණයක් බව කිවයුතුය .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article