spot_img
spot_img
Wednesday, May 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අපි මෙලෙස මහ විරු දිනය සිහිපත් කරනුයේ රට අල්ලා ගැනීමට නොවේ!

Must read

FB_IMG_1574904451770අපි මෙලෙස මහ විරු දිනය සිහිපත් කරනුයේ රට අල්ලා ගැනීමට නොව.
ඔබලාට එරෙහිව ආයුධ අතට ගත් බව සිහිකිරීමට ද නොව.
ඔබත් සමඟ අපට ගැටුම් තිබෙන බව ද සිහිකරන්න නොව.

ඔවුන් අපේ දරුවන්ය.
ඔවුන් අපේ සහෝදරයින්ය.
ඔවුන් අපගේ මිතුරන්ය.

ඒ සෑම දෙයකටම වඩා ඔවුන් අප වෙනුවෙන් ජීවිත කැප කළ මිනිසුන්ය.

ඔබ ඔවුන්ව විරුවන් ලෙස පිළි ගත යුතු නැත.
ඔබ ඔවුන්ට වන්දනා මාන කළ යුතු නැත.

එහෙත් ඔවුන් කෙරෙහි අප හද තුළ ඇත්තේ භක්තියක් නැතිනම් ගරුත්වයක් බව පිළිගන්න. එයම පමණක් අපට ප්‍රමාණවත්ය.

එතුමන්ලා අපි වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු පිරිසක් බවට වන සත්‍ය පිළිගත් අප හදවත් බිඳ නොහරින්න.

මේ යථාර්ථය තේරුම් ගත් විට අප රටේ හිරු උදාකර දීමට අහස සුදානම් වනු ඇත.

-යාපනය විශ්ව විද්‍යල ශිෂ්‍ය සභාව-

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article