spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

2016.01.01 එකම දිනයේ රජයේ ගැසට් පත්‍රය හැර වෙනත් ගැසට් පත්‍රයක් නිකුත් කර මීගමුව නගරයේ උප්පැන්න මරණ රෙජිස්ට්‍රාර් තනතුර දූෂණයට ලක්කිරීම..

Must read

2016.01.01 එකම දිනයේ රජයේ නීත්‍යානුකූල ගැසටු පත්‍රය හැරෙන්නට ව්‍යාජ ගැසට් පත්‍රයක් නිකුත් කිරීම.

මීගමුව නගරයේ උප්පැන්න මරණ රෙජිස්ට්‍රාර් තනතුරක් පුරප්පාඩු වී ඇති බව 2015.06.06 වන දින රජයේ ගැසට් පත්‍රයේ පලවූ දැන්වීමට අනුව සාම විනිසුරුවරයෙකු වන මාද අයදුම් කල අතර  ඒ සදහා සම්මුඛ පරීක්ෂණයට 2015.11.26 වන දින ගම්පහ කච්චේරියට කැදවන ලදී. එදින සම්මුඛ පරීක්ෂණයට සහභාගී වී සිටියේ මා පමණි. එදින මා ක්‍රිස්තියානි කටයුතු හා සංචාරක ඇමතිතුමාගේ නිර්දේශ ලිපියක් දිසාපතිතුමාට ඉදිරිපත් කල අතර කථානායකතුමාගේ ලේකම්තුමාද මෙම අයදුම්පත නිර්දේශ කර රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත යවන ලෙස දන්වා තිබිණි. මෙම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් ලෙස ගම්පහ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්‍යාලයේ අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර් සමන් දිසානායක මහතා ඇතුළු නිලධාරීන් හා නිලධාරිනියන් කිහිපදෙනෙක් සිටියහ. මෙම රෙජිස්ට්‍රාර් විෂයට අදාල නොවන ඉඩම් රෙජිස්ට්‍රාස්වරයා හා නිලධාරීන් සහභාගී වුයේ කෙසේද යන්න සැකයකි. මෙයද ඔවුන්ට වුවමනා පුද්ගලයෙක්ව පත්කර ගැනීමට කල කුමන්ත්‍රණයක් බව පෙනේ.  තවද මෙම තනතුර ලබා දෙන බවට කථානායකතුමාගේ ලේකම්තුමා දැන්වා තිබූ අතර, පසුව මා මේ ගැන මසකට පසු සොයා බැලීමේ දී මාගේ අයදුම් පත කිසිම අයුරකින් නිර්දේශ කර යවා නොතිබූ අතර නැවත මාස දෙකක් යාමටත් මත්තෙන් 2016.01.01 වන දින ගැසට් කෙරුවායැයි පවසමින් නැවත අයදුම්කරන ලෙස ගැසට් පත්‍රයේ පිටපතක් මා වෙත ලබා දුනි. මේ ගැන මා හට සැකයක් මතුවී මා අන්තර්ජාලයෙන් සහ තැපැල් කාර්‍යාලයෙන් නීති්‍යානුකූල රජයේ ගැසට් පත්‍රය ගෙන සොයා බැලීමේ දී මෙම ගැසට්පත්‍ර දෙක අතර විශාල පරස්පරයක් පැවතුණි. ඔවුන් ලබා දුන් ව්‍යාජ ගැසට් පත්‍රයේ මීගමුව නගරයේ පුරප්පාඩු සදහන් වී අැති නමුත්  මා ලබා ගත් රජයේ නීති්‍යානුකූල ගැසට් පත්‍රයේ මීගමුව නගරයේ එවැනි තනතුරක් ගැන කිසිදු සදහනක් නැත. ඒ අනුව එකම දිනයේ ගැසට් පත්‍ර දෙකක් මුද්‍රණය වූයේ කෙසේද?

මෙයද මොවුන්ට වුවමනා පුද්ගලයෙකු පත් කර ගැනීමට කල කූට ක්‍රියාවකි. මා මේ ගැන ජනාධිපතිතුමන්ට, අග්‍රාමාත්‍යතුමන්ට හා සියළුම බලධාරීන්ට ලිඛිතව දැන්වූ අතර ගම්පහ දිසාපතිවරයා විසින් මොවුන්ගේ සියළු කූට ව්‍යාපාර වසන් කර මා නිර්දේශ නොකිරීමට හේතුව ලෙස අසත්‍ය තොරතුරද පවසමින්, මාගේ රැකගෙන එන කීර්ති නාමයටද හානි කරමින්, මාගේ මානව හිමිකම්ද සම්පූර්ණයෙන්ම උල්ලංඝණය කරමින් මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයා එවා ඇතැයි කියන වාර්ථාවේ මට මඩප්‍රහාර එල්ලකරමින් මා හට පෞර්ෂත්වයක් නැතැයි කියමින් ලිපියක්ද එවා ඇත. මෙයින් පැහැදිලිවම මීගමුව ප්‍රාදේශීය ලේඛම්වරයා,දිසාපතිවරයා ඇතුළු නිලධාරීන් එක්ව ඔවුන්ගේ අයෙක්ව පත් කර ගැනීමට කල උත්සාහයක් වන අතර අවසානයේදී මඩ ප්‍රහාරද එල්ල කර ඇත. ඒ නිසා මේ නිලධාරීන් ගැන ජනතාවගේ අප්‍රසාදය ඉදිරියටත් පලවනු ඇත.

මොවුන්ගේ අභිප්‍රාය මෙම තනතුර මා හට නොදී ඔවුන්ගේ හිතවත් අයෙකු පත්කර ගැනීට බව පැහැදිලිය. එම නිසා මෙම කාරණයට සම්බන්දව ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ බලධාරියෙක් ඇතත් ඒ අය හා මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයා,ග්‍රාම නිලධාරී සහ ගම්පහ දිසාපතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගෙන සාධාරණයක් ඉටුකරන ලෙස දන්වා සිටින අතර එසේ නොවුන හොත් අප යහපාලන රජය කෙරෙහි තැබූ විශ්වාසය තවතවත් පළුදු වී යනු ඇත. තවද සිදුවීම සියළුම වෙබ් අඩවි හා ජනමාධ්‍ය වල පලකරන ලෙස පාර්ලිමෙන්තු කථානායකතුමාගේ ලේකම්තුමාගෙන්ද උපදෙස් ලැබී ඇත.

.

ව්‍යාජ ගැසට් පත්‍රය
ව්‍යාජ ගැසට් පත්‍රය

 

මීගමුව තැපැල් කාර්‍යාලයෙන් ලබාගත් නීත්‍යානුකූල ගැසට් පත්‍රය.
මීගමුව තැපැල් කාර්‍යාලයෙන් ලබාගත් නීත්‍යානුකූල ගැසට් පත්‍රය.

 

කේ.එම්.ජේ. රොහාන් ප්‍රනාන්දු.

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article