spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පෙරියමුල්ලේ මුස්ලිම් හෝටල්වලට නඩුදැමීම සෞඛ්‍ය මෙහෙයුමක් පමණක්ද ?

Must read

eggමිනිස් පරිභෝජනය සදහා නොසුදුසු අසුචි මිශ්‍ර ආහාර අලවිකල මිගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටල් අටකට නඩු පැවරීමට පියවරගත් බව මිගමුව මහා නගර සභාවේ  මහජන සෞඛ්‍ය පරීක්‍ෂවරු මාධ්‍යයට කරුණු දක්වා තිබුණි.
දිවා රාත්‍රි විවෘතව ඇති මිගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටල් 15 ක් මෙසේ පරික්ෂාවට ලක්කර තිබුනේ පසුගිය 10 වෙනිදාය.
ඉන් 8 කට නඩු දැමු බව මාධ්‍ය විසින් වාර්ථා කළේය.
ඒ අසුචි මිශ්‍ර ආහාර යැයි කියන සිරස්තලද සමගින්ය.
මෙසේ පරික්ෂාවට ලක්කරන ලද හෝටල් 8 ක කුකුළු අසුචි තැවරුණු බිත්තර භාවිතා කර ඇති බව කියැවුණි. එමෙන්ම චීනයෙන් සහ ඉන්දියාවෙන් ආනයනය කරනලද නිසිපරිදි ලේබල් නොකරන ලද පැකට්කල ක්‍ෂණික අහාර තොගයක්ද මේ හෝටල් පරිශ්‍ර තුල තිබී ඇත්තේද අපිරිසිදු තත්වයෙනි.
කිනම් තත්වයක් යටතේ හෝ මිනිස් පාරිහෝජනයට නුසුදුසු ආහාර පාන අලෙවියට ඇති ඉඩකඩ සපුරාම තහනම් කළ යුතුය.
එය ඉදහිට සිදුකරනු ලබන මෙවැනි වැටලිම් වලින් පමණක් සිදුකළ හැකියැයි අප නම් විශ්වාස නොකරමු. එය කළහැකි වන්නේ මේ නගරයේ ආපන ශාලා කොයිතරම් නම් ප්‍රමාණයක් ප්‍රමිතියෙන් යුතු ඒවාදැයි මිනිය හැකි සැබැ වර්ගීකරණයක් කිරිම ඔස්සේම  පමණි.
එහෙත් මිගමුව තුල කිසිවිටකත් මේ හෝටල් වර්ගිකරණය  කෙරෙන H 800 වැඩපිළිවෙල ක්‍රියාත්මක කලේ නැත.(වෙනත් බොහෝ නගරවල ඇති ආපනශාලාවලදි ඒ ආපනශලා වර්ගිකරණය කොට A,B සහ C යනුවෙන් දක්වා ඇති බව අප දැක ඇත්තෙමු.)
එයට පැහැදිලි හේතුවක් තිබේ.
එය සැබැවින්ම දේශපාලන හේතුවකි.
පසුගිය දශකය තුල වැඩිම වසර ගණනක් සෞඛ්‍ය කාරක සභාෙව් සභාපතිවුයේ වත්මන් නගරාධිපති දයාන් ලංසාය.
H 800 ක්‍රියාත්මක කිරිමේදි ප්‍රමිතියෙන් අඩු හෝටල් බරපතල අවුලකට යන බව පැහැදිලිය. පසුව ඒ අය මෙය ක්‍රියාත්මක කළ දේශපාලන අධිකාරිය සමගින් විරසක විම අනිවාර්යයකි.
එය දේශපාලකයන්ට සැබැවින්ම අවාසි සහගතය. ඡන්දයට කතිරය පමණක් නොව මුදල්ද ලබාගැනිමට මේ ව්‍යාපාරිකයන් නඩත්තු කළ යුතුය.
එබැවින් මහජන සෞඛ්‍ය පරික්ෂක ගුණරත්නාල දැන් සැබැවින්ම අසරණය. ඔවුන් කරන්නේද දේශපාලන අධිකාරියට අල්ලන්න ඕනැ තැන් ඇල්ලිමත් එ නියෝග මතම ඇතමුන් අතහැර දැමිමත් වැනි රාජකාරියක් මිස මීගමුව සෞඛ්‍ය සම්පන්න නගරයක් කිරිමේ අරමුණ කොට ගත් ශුද්ධවු රාජකාරියක් නම් නොවේ..
(එසේ තම රාජපකාරිය මිගමුව සැබැවින්ම සෞඛ්‍ය සම්පන්න එකක් ලෙස ගොඩනැගිය යුතුයැයි සිතන පතන  දෙතුන් දෙනෙක් මේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අතර සිටින බව වඩාත්ම හොදින් දන්නේද අපය. එමෙන්ම එසේ නොවන බහුතරයක් සිටින බවද අප වඩාත් හොදින් දනිමු.)
මේ අතර පසුගිය දිනවල මාධ්‍යවලින් වැඩියෙන් උලුප්පා දැමු පෙරියමුල්ලේ හෝටල් කෑමවල අසුචි යැයි කියන පුවතත් ඒ පුවතට පාදක වු මෙහෙයමුත් පැහැදිලිවම දේශපාලන මෙහෙයමුකි.
ඒ මෙහෙයුම සිදුකර ඇත්තේ නගරාධිපති දයාන් ලංසාගේ උපදෙස් මතය.
ඉන් කියැවෙන දේශපාලන හැඟවුම නම් ඉදිරියට එන මහ මැතිවරණයේදි මුස්ලිම් ප්‍රජාවට මෙන්ම මුස්ලිම් ව්‍යාපාරිකයන්ටද දි ඇති දේශපාලන පණිවිඩයක් එහි අන්තර්ගතව තිබිමය.
නිමල් ලංසාව කෙසේ හෝ පාර්ලිමේන්තුවට යැවිම ඉදිරි දිනවලදි මිගමුව ප්‍රධාන පුරවැසියා වන දයාන් ලංසාගේ ප්‍රධානම රාජකාරිය වනු ඇත.
ඒ වෙනුවෙන් ඔහු සියලු තුරුම්පු මෙහෙයවනු ඇත.
කරදරයකින් තොරව ව්‍යාපාරික කටයුතු කරගෙන යැමට නම් අපට සහය දෙන්න යැයි පණිවිඩය පසුගිය පෙරියමුල්ල කඩ මෙහෙයුම තුල වු සැගවුණ අරමුණද ?.
ඉන් දෘශ්‍යමාන වු අදහස වි තිබුණ පිරිසිදු ආහාර යන්න අපද එදා සිට සහය පළකරනඅරමුණ බව හොදින්ම දන්නේද මෙවන් මෙහෙයුම් වලට එක්ව සිටි පැරණිතම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ය.
අප යළිත් ඒ අයට කියා සිටින්නේෙ දේශපාලන අධිකාරියේ න්‍යාය පත්‍රවලින් එහා ගොස් මිගමුව ඇත්තටම සෞඛ්‍ය සම්පන්න නගරයක් කිරිමට පියවර ගන්නා ලෙසය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article