spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු රෝහලේ ගලිවල උතුරයි. බලධරයෝ බුදිද?

Must read

hospital_negombo_20110121_2078313609මීගමුව මහ රෝහල මීගමු ජනතාවට පමණක් නොව වෙනත් ප්‍රදේශවල ජනතාවටද සේවය සපයන ප්‍රධාන රෝහලකි. මෙහි අදවනවිට විවිධ අංශ එකතු කරමින් දියුණු මට්ටමකට ඔසවා තැබීමට ගන්නා උත්සාහය පැසසිය යුතුය. ඒ හෘදරෝගීන් සඳහා ගොඩනැගෙමින් පවතින ඒකකය , වකුගඩු රෝගීන් සඳහා වූ අංශය ආදී වශයෙනි. මේවා සඳහා රෝහලේ දැඩි වුවමනාවකින් කටයුතු කරන නිලධාරීන් ගැන අප සතුටු විය යුතුය.
නමුත් රෝහල තුළ සිදුවන සමහර දේවල් අප්‍රසන්නය.

මේ වනවිට වාට්ටු 10, 12 වාට්ටු සහ මෘතශරීරාගාරය අසල තිබෙන ගලි උතුරන අතර ඒ අවට පරිසරය තුළ දුර්ගන්ධය හමයි. මීට පෙරද නොවැම්බර් 23 දින මීගමුව රෝහලේ ගලි උතුරා යාම ගැන අප විසින් සඳහන් කළෙමු . ඒ අවස්ථාව වනවිට සති දෙකක් යන තුරු මීගමුව නගරසභාවේ ගලි බවුසර් නොපැමිණි බවද අපට දැනගන්නට ලැබින .
10, 12 වාට්ටු තුළ සිටින්නේ නව උපතක් ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටින මව්වරුන්ය. ඔවුන්ට රෝහලේ උපරිම අවධානය යොමු විය යුතුය.රෝහලේ පවතින ඉහතකී දුර්ගන්ධය සහිත පරිසරය දරුවකු බිහිකිරීමට සිටින මව්වරුන්ට බලපාන ආකාරය ගැන සිතා බැලිය යුතුව ඇත .ඒනිසා සියළු වගකිවයුතු අයට මේ පිළිබඳව වගකීමක් ඇත

.පිස්සන්ට හැතැක්ම නැති ගානට කලබලයෙන් තාවකාලික ගොඩනැගිලි අටවන්නට කටයුතු ඇතැම් බලධාරින් ද මේවාට වගකිව යුතුය.ඒ මළඅපවහන පද්ධතියේ ඇතැම් බට මේ කඩිමුඩි ඉදිකිරිම් වලදි කැඩිබිදි ගොස් තිබිමය.මේ නිසා පැවති විධිමත් ආකාරයට අනුව දැන් මළඅපවහන පද්ධතියේ අපද්‍රව්‍ය එකතැනකට එකතුවන්නේ නැත.මේ පසුබිම තුල නගර සභාව විසින් ගලි බවුසර් එවිමට ප්‍රමාදව්මත් සමගින් දැන් තවත් අර්බුද මතුව තිබේ.මේ සියල්ලෙන්ම බැටකන්නේ අසරණ රෝගීන්මය.මෙය බරපතල ඛේදවාචකයක තත්වයට පත්වී ඇත . මහජනතාව වෙනුවෙන් පවතින ආයතනයක සේවය ඕනෑම පුද්ගලයෙකුටත්, ඕනෑම ආයතනයකටත් පොදු ප්‍රතිපත්තියක් මත ක්‍රියාත්මක විය යුතුය. නමුත් මෙසේ මීගමුව රෝහල තුළ ඇතිව තිබෙන මෙම ප්‍රශ්ණය ගැන සැළකිලිමත් නොවන්⁣නේ
ඇයිද ? යන්න තේරුම් ගත නොහැක .ගලි අපද්‍රව්‍ය ඉවත්කිරීම සඳහා නගරසභාවට රෝහල් බලධාරීන් විසින් පොඩි ගලිබව්සර් සඳහා රු.6500/ ක් සහ ලොකු ගලියට රු. 11000/ ක් ගෙවන බව අපි දන්නෙමු . නමුත් රෝහල් බලධාරීන් අතර තමන්ගේ පටු අරමුණු ඉටුකරගැනීමට උත්සාහ කරන අයද සිටින බව අපට ආරංචිය . මෙසේ කටයුතු කිරීමෙන් රෝහලේ සිටින වෛද්‍යවරුන්ට හෝ වෙනත් නිලධාරි මහත්වරුන්ට කිසිදු හානියක් සිදු වන්නේ නැත . මින් හානිය සිදුවන්නේ මෙම නගරය පාලනය කිරීම සඳහා මීගමුව නගරසභාවට නියෝජිතයින් පත්කළ ජනතාවටය .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article