spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පෙරියමුල්ල grand අවන්හල take away සඳහා පමණක් යළි විවෘතයි !

Must read

යලිත් වරක් කොරෝනා හිස ඔසවන්නට පටන් ගෙනය . මිගමුවේද තැනින් තැන දැන් ආසාදිතයන් හමුවෙමින් තිබේ

මේ අතර පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රකට තැනක් වන grand හි සේවකයන් 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇතැයි සෞඛ්‍ය බළධාරිහු පවසා සිටිති.

මේ එක් අයෙකු පසුගිය දිනක මිගමුවේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි කොරෝනා ආසාදන වි ඇතැයි හදුනාගනිමත් සමගින් grand හි සේවය කරන ඉතිරි පිරිස ඇන්ටිජන් පරික්ෂණයකට මුහුණ දි තිබුන අතර ඉන් 7 දෙනෙකුම ඒ අනුව ආසාදිතයන් ලෙසින් හදුනාගෙන තිබේ.

මිගමුවේ ඉතාමත් ජනප්‍රිය ඉතා ඉහල ගුණත්වයකින් යුත් ආහාර පාන සපයන තැනැක් විම හේතුවෙක් grand වෙත යන එන පිරිස ඉතා බොහෝය.

මේ නිසාම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඉල්ලා සිටින්නේ පසුගිය 17 වෙනිදා සිට දින 10 ක් තුල එහි ගිය අය සිටිනම් අදාල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක හමුවන ලෙසය
මේ අනුව දින කිපයක් වසා දැමුනු grand ආයතනය මහජන පරික්ෂකවරුන්ගේ පුර්ණ අධික්ෂණය යටතේ ජිවාණුහරණය කිරිමෙන් පසු take away සදහා පමණක් අද සිටි විවෘත කර ඇතැයි එහි කාර්යමණ්ඩලය පවසා සිටි.
ඉතාමත් ජනප්‍රිය ආහාර ජාලයක් වන grand හි සියළු ආහාර සැකසිම සිදුකරනු ලබන්නේ කටුනේරියේ ශාඛාව කේන්ද්‍රකොට ගෙන බවද අප කළ විමසුමකදි ඒහි පාලන මණ්ඩලය පවසා සිටියේය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article