spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොලිතින් වලට ආදේශකයක් ශ්‍රී ලංකා නවනිපැයුම් කරුවන්ගෙන්..

Must read

CEAAA

ඊයේ (සැප්තැම්බර් 1) සිට පොලිතින්,ෂොපින් බෑග්,ලන්ච් ෂීට්,පොලිස්ටයරින් පෙට්ටි වැනි දේ භාවිතය ,නිෂ්පාදනය හා විකිණීමත් තහනම් කෙරුණා. නමුත් මේවන විට බොහෝ දෙනෙකුගේ මැසිවිල්ලක් වී ඇත්තේ පොලිතින් තහනම ක්‍රියාත්මක වූවත් පොලිතින් වෙනුවෙන් වල ආදේශකයක් මේ වන විට වෙලදපොලේ නැති බවයි.

නමුත් ඒ සදහා විසදුමක් ලබාදීමට එනම් පොලිතින් වෙනුවට ආදේශකයක් හදුන්වා දීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා නවනිපැයුම් කරුවන්ගේ කොමිසම ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා නවනිපැයුම් කරුවන්ගේ කොමිසමේ මහේෂ් එදිරිසිංහ මහතා පසුගියදා මාධ්‍යට කියා සිටියේ කෙසෙල් ගස් වල තන්තු භාවිතයෙන් පරිසර හිතකාමී ආදේශකයක් හදුන්වාදීමට නුදුරේදීම කටයුතු කරන බවයි.

එලෙසම මධ්‍යම පරිසර අධිකාරිෙය් සභාපති ලාල් ධර්මසිරි මහතා පවසන්නේ දිරාපත්වන පොලිතින් නිෂ්පාදනය සදහා අවශ්‍යකරන සහයෝගය ලබාදීමට තම අධිකරිය සූදානම් බවයි. එමෙන්ම දිරාපත්වන පොලිතින් නිෂ්පාදනයට අවශ්‍ය වන අමුද්‍රව්‍ය වලට පනවා ඇති බදු ප්‍රමාණය අඩු කරන ලෙසට වන සාක්ච්ඡාවක්  මේ වනවිට මහවැලි සංවර්ධන අමාත්‍යංශය සමගත් සාක්ච්ඡා කරමින් පවතින බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article