spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොහොට්ටුවත් දෙදරයි ! විජේදාසත් ජනපති සටනට ?

Must read

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා එක්ව ඉදිරියේදී දේශපාලනය කරන්න අදහස් කරගෙන සිටින කංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් විශාල පිරිසක් කණ්ඩායමක් වශයෙන් එකතු වී ඒ සඳහා ඉදිරියේදී පොදුජන පෙරමුණෙන් ඉවත්වෙනු ඇතැයි කරුණු වාර්තා වන බව අනින්දා පුවත්පත උපුටා දක්වමින් දලිඩර් සදහන් කර තිබුණි

පසුගිය දා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ පැවති පක්ෂයේ විධායක කමිටු රැස්වීමක් අතරතුර පක්ෂය නොසලකා ජනාධිපතිවරයාට සහාය දීම පිළිබඳව මෙම පිරිස සහ රාජපක්ෂ හිතවාදී පිරිස අතරේ වචන හුවමාරුවක් සිදුව ඇති බව කරුණු වාර්තා වෙන අතර එහිදී කංචන විජේසේකර දැඩිව අදහස් දක්වා ඇතැයි ද දැනගන්නට ලැබෙන බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය  බාර ගන්නැයි  එම පක්ෂයේ විධායක සභිකයෝ   සහ ආසන සංවිධායකයෝ  අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන්   එක හඬින් ඉල්ලීමක් කර ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර ඇත

මේ සම්බන්ධයෙන් අප විජයදාස රාජපක්ෂ මහතාගෙන් ලංකාදිපය කළ විමසුමකදී ඔහු පවසා තිබුනේ මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බවය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  විධායක සභිකයන්ගේ සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි  එම පක්ෂ මූලස්ථානයේදී  පැවැත්වි ඇති අතර ආචාර්ය විජයදාස රාජපක්ෂ මෙම රැස්වීමේ ආරාධිත දේශකයකු ලෙස  සහභාගිවිය.ආසන සංවිධායකවරුන් විධායක සභිකයන් ඔහුගෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ එම රැස්වීමේදීය.

බණ්ඩාරනායක ප්‍රතිපත්තිය, පක්ෂයේ  ආරම්භය සහ විකාශනය, පංච මහා බලවේගය ඇතුළු කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් තමා එහිදී  දේශනයක් පැවැත්වූ බව රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණි
විජයදාස රාජපක්ෂ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට එම පක්ෂයේ  සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමගි පැමිණෙන අයුරු දැකගත හැකිවි යැයි ලංකාදිප වෙබ් අඩවිය තවදුරටත් සදහන් කර තිබුණි.

දේශපාලනය දැවැන්ත බල සූදුවකි. ලංකාව වැනි රටවල් වලදි මේ සූදුවේ තුරුම්පු ඇදෙන්නේ දේශිය සාධක මත පමණක් ම නොවේ .
අනිවාර්යෙන්ම අප පිළිගන්නට කැමති වුවද අකමැති වුවද ජාත්‍යන්තර සාධකය මෙහිදි අතිශය තිරණාත්මකය.
අරගලය යනු ඒයට කදිමම නිදසුදනකි. පුර්ව පිටපතක් පදනම් කරගනිමින් එය දිගහැරුනු හැටි දේශපාලනිකව කල්පනා කරන්නේ ජනපති සටන තුල ජාත්‍යන්තර සාධකය තේරුම් ගැනිම තවත් පහසු වනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article