spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොහොට්ටුවේ මීගමුවේ නායකයන්ට බරපතල වංචා,දූෂණ චෝදනා !

Must read

nimal sarath dayanපළාත් පාලන මැතිවරණය සදහා මීගමුවට රාජපක්ෂලාගේ පොහොට්ටුවේ පළමු පෙළ නායකයන්ට එරෙහිව බරපතල වංචා දුෂණ චෝදනා දැනටමත් එල්ලවි හමාරය .
ඒකාබද්ධ විපක්ෂයේ මීගමුවේ පොහෝට්ටුවේ දැනට නායකයා ලෙසින් කටයුතු කරමින් සිටින හිටපු  නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න  රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය මුදල් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් දැන් අධිකරණය හමුවේ අධිචෝදනා ලැබ තිබේ.
ඒ මීගමුව කලපු සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන්කෙරුණ රු ලක්ෂ 112ක්  මැතිවරණ දේශපාලන කටයුතු වෙනුවෙන් යෙදාවා තිබිම වෙනුවෙනි.
දයාන් ලංසා යනු පොහොට්ටුවෙන් මීගමුවේ නගරාධිපති පුටුව සදහා යෝජනා කරමින් තිබෙන නමයි.ඔහුට එරෙහිව ඇති චෝදනා ලයිස්තුවේ නිමක් නැත.සිදුකර ඇති වංචා දුෂණ පමණක් නොව පහර දිම් කාන්තාවන්ට සිදුකර ඇති අති අමානුෂික හිංසනයන් හි කෙලවරක් නැත.
මේ ලයිස්තුවේ අනික් නාගරික මන්ත්‍රි අපේක්ෂකයන් ගැනද අපට කියන්නට ඇත්තේ ඒ වැඩිදෙනක් වංචාවෙන් දුෂණයෙන් ඉහවහා ගිය අය ලෙසය.
මේනිසාම මීගමුවේ පොහොට්ටුවේ ලයිස්තුව යනු වංචාකාරයන් සහ දුෂිතයන්ගේ පිරුණකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article