spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොහොට්ටු නායකයන්ගෙන් ගේම ඉල්ලු ලංසාට සනත්ලා ගාමිණිලාගෙන් දරුණු වාග් ප්‍රහාරයක් !

Must read

කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් පොහොට්ටුවේ ලේකම්වරයා සිදුකරන ලද ප්‍රකාශයට පිළිතුරු දෙන්නේ නම් එසේ කළ යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බව පොහොට්ටු මන්ත්‍රී ගාමිණි ලොකුගේ විසින් පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

එහෙත් ඊට පිළිතුරු දුන්නේ හාල්මැස්සන් සේ සැලකිය හැකි නිමල් ලන්සා බවද ලොකුගේ කියා ති⁣බේ.

පක්ෂ ලේකම්වරයාගේ ප්‍රකාශයට මැදිහත් වීමට හෝ පිළිතුරු දීමට ලන්සා මන්ත්‍රීවරයාට අයිතියක් නැති බවද ගාමිණී ලොකුගේ වැඩිදුරටත් අවධාරණය කර තිබුණි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් කියා තිබුනේ ලන්සාට ගංජා සහ හෙරොයින් පිළිබඳ පුළුල් දැනුමක් තිබෙන බවය.

ඊට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරාජයට ලංසාගේ භූමිකාවක් ඇති බවටද ඇමති සනත් නිශාන්ත චෝදනා කරන්නට යෙදුණි.

මත්ද්‍රව්‍ය ඇති බවට ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය බළකාය ලංසාගේ නිවස වැටලීමේ විශේෂ සිදුවීම ගැන සදහන් කළ රාජ්‍ය ඇමතිවරයා

ලාන්සා ආරක්ෂා කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැදිහත් වූ බවට චෝදනා එල්ල වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම මැදිහත්වීම මහින්ද රාජපක්ෂගේ පරාජයට සෘජුවම බලපෑ බවට ප්‍රබල චෝදනාවක් එල්ල වි තිබුණ බවද සදහන් කලේය..

කෙසේ වෙතත් හැකි නම් අයවැය පරාජය කර පෙන්වන්නට යැයි නිමල් ලංසා විසින් පොහොට්ටු වේ කිපදෙනෙකුගේම නම් සඳහන් කරමින් කර තිබුන විවෘත අභියෝගයට පොහොට්ටු නායකයන් ලොකුගේ සහ සනත් නිශාන්ත යොදාගනිමින් මේ වන විට ලංසාට පහර එල්ල කරමින් සිටින බව සැලය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article