spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පෝද්දල ජයන්තගෙන් රහස් පොලිසියට පැමිණිල්ලක්

Must read

පසුගිය රජය සමයේ පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වද දී අත පය කඩා දැමීම ගැන විමර්ශනයක් ඉල්ලා මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය.
images-250x187
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය , තවත් මාධ්‍ය සංවිධාන කිහිපයක් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති ඔහුය.

2009 ජූනි මාසයේ දී සුදු වෑන් රියකින් පැහැරගෙන අත පය කඩා මහ මඟ දමා ගොස් සිටිය දී රෝහල් ගත කැරුණු ජයන්ත මහතා පසුව රට හැර ගියේය. ඔහුගේ හිස කෙස් සහ රැවුල කපා කටට ඔබා තිබිණි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමා ගෙන්වා ‘වෙන දේ බලා ගනිව්‘ කියා තර්ජනය කළ බවත්, ඊට ටික දිනකට පසු සුදු වෑන්රියකින් පැහැරගෙන ගොස් අතපය කඩා දැමූ බවත්, තමා පහර ගැනීමට රාජපක්ෂ රෙජීමය වග කිව යුතු බවත් ජයන්ත මහතා  2015 දී ලංකාදීපයට සම්මූඛ සාකච්ඡාවක් ලබා දෙමින් පැවසීය.

 

(උපුටාගැනීම – http://www.lankadeepa.lk – තරිඳු ජයවර්ධන)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article