spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ග්ලයිෆොසෙට්‌ යළි ගෙන්වන්න දෙන්නේ නෑ – රතන හිමි

Must read

තේ කර්මාන්තයට මුවා වී , තහනමට ලක්‌කර ඇති ග්ලයිෆොසෙට්‌ වල් නාශක යළි ගෙන්වීමට ගන්නා උත්සහය වැලැක්‌වීමට කළ හැකි උපරිම දේ සිදු කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ (19 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.Rathana-himi1

මහා පරිමාණ තේ කර්මාන්තකරුවන් සඳහා පමණක්‌ ග්ලයිෆොසෙට්‌ පොහොර ආනයනය කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යංශය කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කිරීමට සූදානම් වන බව උන්වහන්සේ කියා සිටියේය.

මේ සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අගමැතිවරයා කිසිසේත් ඉඩ නොදෙනු ඇතැයි තමා විශ්වාස කරන බව උන්වහන්සේ පවසා සිටියේය.

පොහොර සමාගම් හා බලවතුන් ගේ වැඩක්

ග්ලයිෆොසෙට්‌ නොමැතිව වී ගොවිතැන සිදුකළ හැකි බව අද තහවුරු වී තිබෙන බවද තේ කර්මාන්තයට ද මෙම වල් නාශක අවශ්‍ය නොවන බවද පැවසූ උන්වහන්සේ මෙම පොහොර ගෙන්වීමේ පිටුපස පොහොර සමාගම් හා බලවතුන් සිටින බව කීහ.

තේ කර්මාන්තය තුළ මහ පරිමාණ තේ වතු හිමිකරුවන් සිටිනුයේ සියයට 40 ක්‌ බවද එයින් ලැබෙන ආදායම සියයට 25 ක්‌ බවද කී රතන හිමියන් සියයට 60 ක්‌ වන කුඩා තේ කර්මාන්තකරුවන් වැඩි ආදායමක්‌ රටට ලබා දෙන බවත් සඳහන් කර සිටියේය.

මහ වතු සමාගම්වලට තේ කර්මාන්තය නිවැරැදිව කරගෙන යා නොහැකි නම් යළි ඒවා නිවැරැදි පාලනයකට හෝ කළමනාකරණයකට යටත් කළ යුතු බවද රතන හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article