spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොලීසියට යන ආගමික සහජීවනය

Must read

ජුනි 18 වනදා ස්වාධීන රූපවාහිනියේ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග මාධ්‍යවේදී සමන්  අතාවුදහෙට්ටි මහතා සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී  මේ රටේ කතෝලික දේවස්ථාන රාශියකට සිදුකල පහරදීමක් පිළිබදව ජනාධිපතිවරයා කතා කළේය. ඔහු පැවසූවේ කතෝලික දේවස්ථාන  රාශියකට පහරදී ඇති බව ඔහු යම් ප්‍රවෘත්තියකින් ඇසූ බවත් පසුව අගරදගුරුතුමාට කතාකොට එවැනි දෙයක් සිදුවී ඇත්දැයි විමිසා සිටි අතර එම ප්‍රවෘත්තිය බොරු බව කතෝලික සභාව සනාථ කර සිටි බවයි. මෙම සම්මුඛ සාකච්ඡාව නරඹමින් සිටි මා හට ඒ මොහොතේ කල්පනා වූයේ ජනාධිපතිවරයාට කතෝලික සභාවන් සහ ක්‍රිස්තියානි සභාවන් අතර ඇති වෙනස සහ  ක්‍රිස්තියානි මෙන්ම නිදහස් දේවධර්ම කණ්ඩායම් පසුගිය කාලයේ ලංකාව තුළ අත්විදි අර්බුද ගැන දන්නා ප්‍රමාණය ගැන සැකයකි. මේවාට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ලංකාවේ සුළුතරයක් විසින් අනුගමනය කරන ආගම් හෝ ඔවුන්ගේ ක්‍රියාකාරකම් , චාරිත්‍රවාරිත්‍ර පිළිබදව ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ධාරව විසින් කිසිදු අවධානයකට ලක් නොකිරීමයි. ක්‍රිස්තියානි ආගම් 2a3272e2c8e0cec5e4186239028f0d67 වලට ලංකාව තුළ පසුගිය කාලය පුරා මුහුණ දෙන්නට සිදුවූ නොයෙක් හිරිහැර බාධාකිරිම් ගැන ප්‍රධාන මාධ්‍ය හෝ නාලිකාවක පළ වූවා නම් ඉතාමත් අල්ප වශයෙන් මෙන්ම වෙනත් කෝණයකින් වීම සාමාන්‍ය තත්වයකි. මේ තත්ත්වය යටතේ රටේ ජනාධිපතිවරයාට මේ ගැන අදහසක් නැති වීම ද පුදුම වන්නට දෙයක් නොමැත. බොදුබල සේනා සංවිධානය විසින් අධිපති බෞද්ධ ආගමේ ඊනියා බලයක් යොදාගනිමන් මුස්ලිම් භක්තිකයින්ට සිදුකරන හිරිහැර මෙන්ම ක්‍රිස්තියානි කණ්ඩායම් වලට ද බොදුබල සේනාව විසින් හිරිහැර සිදුකළ අවස්ථා ඇත. මෙවැනි සිදුවීම් වල බරපතලකම තිඛෙන්නේ සිදුවීම් වල සංඛ්‍යාව අනුව වත් වාර වත් නොවන බව මේ රටේ මේ වනවිට බොදුබල සේනා සංවිධාන යේ හැසිරීම් වලින්  ඉගෙන ගත හැකි පාඩමකි. එමෙන්ම තවත් අවදානය යොමු කළ යුතු කාරණයක් වන්නේ බොහෝ අවස්ථා වලදී සමහර බයිබල් කණ්ඩායම් විසින් තමන්ට සිදුවන බලපැම් හෝ හිරිහැර සම්බන්ධයෙන් කරුනු වසං කර ඒවා තාවකාලිකව විසදා ගෙන කරුනු යටපත් කිරීමයි.
බොහෝ අවස්ථා ප්‍රදේශයේ පොලීසියට හෝ මාධ්‍යන් වෙත වාර්තා වන්නේ ඉතාමත් අල්ප වශයෙනි. සමහර විට එය ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරන ක්‍රියාවක් වන්නට හැකි වුවත් ඒ මගින් ව්‍යවස්ථාව විසින් ලබාදී ඇති ආගමික නිදහස සහ සිතීමේ ඇදහීමේ නිදහසත් ප්‍රචාරය කිරීමේ නිදහසත් යන අයිතිවාසිකම් සමාජය තුළ තහවුරු කිරීමට එය විශාල බාධාවකි. ප්‍රජාතන්ත්‍රවාදය ශ්ක්තිමත්ව පැවතිිමට විශාල බාධාවකි. මෙම ලිපිය මගින් නැවතත් අවධාරණය කරනු ලබන්නේ මෑතකාලයේ වාර්තා වූ සිදුවිමක් වන අතර මෙම සිදුවිම සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කරගන්නා ලද්දේ මාරවිල පොලිසියෙනි.
දැනට මාසයකට  පෙර එක් ඉරිදාවකදී කටුනේරිය ප්‍රදේශයේ් තිඛෙන ක්‍රිස්තියානි සභාවන් 3කට එම ප්‍රදේශයේම කතෝලික පියනමක් හා කිතුණුවන් පිරිසක් විසින් වාචිකව තර්ජනයක් සිදුකොට තිබුණි. මෙම සිදුවීම සිදුවන අවස්ථාවේදී එම මධ්‍යස්ථාන වල ආගමික වතාවත් සදහා අදාළ සාමාජිකයන් සහභාගී වී සිටි අතර  අදාළ කතෝලික  පියතුමා විසින් පවසා ඇත්තේ මේ මධ්‍යස්ථාන සියල්ල මේ ප්‍රදේශයෙන් ඉවත්කර ගත යුතු බවයි.  එමෙන්ම මෙම ආගමික සංවිධාන වල මධ්‍යස්ථාන පිහිටා ඇත්තේ එම දේවස්ථානයේ වීදි පෙරහැරවලන් ගෙනයන පාරවල් වල නිසා මේවා ඉවත්වීම අත්‍යඅවශ්‍ය බව ට යම් වාචික තර්ජනයක් සිදුකර තිබුණි.
පසුව මෙම තර්ජනයට ලක්වූ ගෙත්සෙමෙන, එසෙම්බ්ලි ඔෆ් ගෝඩ්, කල්වාරි යන සභාවන් විසින් මේ සම්බන්ධයෙන් මාරවිිල පොලීසියේ සහයෝගය පතා අතැති අතර පොලීසිය විසින් ප්‍රශ්නය සාමකාමීව විසදා තිඛේ. නැවත එවැනි තර්ජන කිරීම් නොකරන ලෙසටද අවවාද කර තිඛේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article