බදුගෙවන ජනයාගේ ප්‍රශ්ණ කථාකරද්දි දාඩියදාන මන්ත්‍රිවරියගේ AC යෝජනාව ඉල්ලා අස්කරගනී!

0
126

මන්ත්‍රි යෝජනාව 1බදුගෙවන ජනයාගේ ප්‍රශ්ණ කල්වේලා අරන් කථාකිරිමට නොහැකිවන්නේ අධික ලෙස රස්සනය නිසා බැව් කියන සෞම්‍ය විනෝදනි මන්ත්‍රිවරිය අද මීගමුව මහනගර සභාවට යෝජනාවක් ඉදිරිපත් කර තිබුනේ සභා ගැබ වායුසමනය කරන ලෙස ඉල්ලමිනි.
ඇය මීගමුව මහනගර සභාවට පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පත්ව සිටින නවක මන්ත්‍රිවරියකි. කෙසේ වෙතත් ඇය විසින් ඉදිරිපත් කරන්නට යෙදුන මේ යෝජනාවට ලැබිය හැකි ප්‍රතිචාරයන් කල්ඇතිවම දැනගන්නට ලැබි ඇති නිසා ඇය විසින් මෙම යෝජනාව ඉල්ලා අස්කර ගෙන ඇත.
වඩාත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ මේ වායුසමනය කිරිමේ යෝජනාවට ඇත්ත අයිතිකරුවෙකු සිටින බවත් නවක මන්ත්‍රිවරියක් ලවා ඔහු මුට්ටිය දමා ඇති බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here