බන්ධනාගාර ගැටුමෙන් මිය නිලධාරීන් ගණන 10 දක්වා ඉහලට !

0
488

 

මිගමුවේ බන්ධනාගාර ගැටුම හේතුවෙන් මිය ගණන මේ වන විට 31 දක්වා ඉහල ගොස් ඇත.

ඒ තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මිය යාමත් සමගින්ය.

මේ දෙදෙනා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි ජීවිත්‍යක්ෂයට පත්ව තිබේ.

බන්ධනාගාර නිලධාරින් වන ෆේස්බුක් පිටුවේ පහත සටහන පළව තිබුණි.

. එක් නිලධාරියෙකු ඊයේ (13) රාත්‍රියේ මියගොස් ඇති අතර, අනෙක් නිලධාරියා අද (14) අලුයම මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි නිලධාරියෙකු සහ 25 හැවිරිදි ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි නිලධාරියෙක්.

ඒ අනුව සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගියා.

මෙලෙස මියගිය නිලධාරීන් අතර බන්ධනාගාර පොලිස් විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරී P.D සන්දික ලෂාන් ගුණවර්ධන ද වනවා.

ඔහුගේ 7 හැවිරිදි පුංචි පුතු ද හදවත් රෝගයකින් පීඩා විදින අතර, දරුවාද ජීවිතය බේරා ගැනීම සඳහා විශාල මුදලක් වැය වන බවයි දරුවාගේ මව පසුගියදා හිරු ප්‍රවෘත්ති සමග කියා සිටියේ.

ඒ සඳහා තමාට සිට එම ශක්තිය තම ස්වාමියා බවයි ඇය ප්‍රකාශ කළේ.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here