spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බලධාරින්ට නොපෙනෙන මීගමු නගරාධිපතිගේ ගමේ අනතුරුදායක වල … ?

Must read

 

IMG-20200220-WA0005වැල්ලවීදිය ,ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ඉදිරිපිට කුනු පිරුණු , දුර්ගන්ධය සහිත මහ වලකි. මෙය අනතුරු දායක බවත්, කානු වලින් එකතු වන ජරාව මෙම වලේ රැඳෙන බවත් අවට ප්‍රදේශවාසීන් පවසති .
මීගමු නගරයේ ඇති මෙවැනි ස්ථාන ගැන සිහිකැඳවමින් මිනිස් ජීවිත වලට මේවායේ ඇති අවධානම් තත්වය ගැන අප නිතර ලිව්වෙමු . නමුත් ඒවා බීරි අලින්ට වීණා වැයීමක් බව කිවයුතුය .
කිසිවකට නිසි ප්‍රතිකර්ම යෙදීමට නගරසභාව සමත්වී නැත .
කෙසේ නමුත් කෙටිදුර ,එක නිවසක් වුවත්, එ්ගැන නොසළකා කොන්ක්‍රීට් දමා එහි තම මුහුණ යොදා නම සහ නිලය සළකුණු කර ඒ පිළිබඳව පුවරුද සවිකර තිබෙන ආකාරය දැක ගත හැක. එලඹෙන මැතිවරණය සඳහා මෙම දේශපාලකයින් ඕනෑම දෙයක් කරන බවත් , ජනතාවගේ සැබෑ වුවමනාවන් මේ අයට නොපෙනෙන බවත් අප දනිමු .
නමුත් සියළු රාජ්‍ය අායතන සහ බලධාරීන්ට නොපෙනෙන සමහර මෙවැනි ස්ථාන ඡන්ද පොරොන්දුවක් බවට පත්වී ඡන්දයෙන් පසුව එය කඩවන ආකාරය අප අත්දැක ඇත . කෙසේ නමුත් අපට නැවතත් ප්‍රශ්ණය යොමු කිරීමට ඇත්තේ මෙම රාජ්‍ය ආයතන වෙත බව කිවයුතුය . එනිසා අප මෙම වැල්ලවීදිය දේවස්ථානය ඉදිරිපිට ඇති වල ගැන නැවත අවධාරණය කර කියා සිටින්නේ වහාම මේ සඳහා මැදිහත් වන ලෙසයි .
දෛවයේ සරදම වන්නේ මේ වල අනතුරුදායක වල පිහිටා ඇත්තේ මිගමුවේ නගරාධිපතිවරයාගේ ගමේම විමයි .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article