spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බාහිර පුද්ගලයින් සඳහා ජ’පුර රෝහලේ කොරෝනා PCR පරීක්ෂණ දිනපතා : රු. 5000 /= යි.

Must read

sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
කොවිඩ් 19 ආසාදනය තහවුරු කිරීම සඳහා කෙරෙන PCR පරීක්ෂණය ශ්‍රී ජයවර්ධනපුර

මහා රෝහලේදී දිනපතා සිදු කෙරෙන බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ පැවසිය.

මේ සේවාව සඳහා පුද්ගලයින් ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ හදිසි අනතුරු ඒකකය අසල ඒ සඳහාම වෙන්වුණු කවුළුව වෙත යොමු කරනු ලැබේ.

එහිදී PCR පරීක්ෂණය සඳහා යොමු වන පුද්ගලයා ගේ තොරතුරු සටහන් කර ගෙන ඉතා ආරක්‍ෂිත ලෙස PCR පරීක්ෂණය සඳහා සාම්පල ලබා ගැනීම සිදු කෙරේ.

පරීක්ෂණ ප්‍රතිපල වාර්තාව පසු දින නිකුත් කරනු ලැබේ.

පරීක්ෂණ ප්‍රතිපල වාර්තාව රජයේ රෙගුලාසි වලට අනුව පුද්ගලයාගේ රහස්‍ය භාවය ආරක්ෂා වන පරිදි නිකුත් කෙරෙයි.

”පරීක්ෂණ ප්‍රතිපල වාර්තාව රජයේ රෙගුලාසිවලට අනුව පුද්ගලයාගේ රහස්‍ය භාවය ආරක්ෂා වන පරිදි නිකුත් කෙරෙයි. ”

තනි පුද්ගලයින් ගේ පරීක්ෂණ කිරිම සදහා කලින් වෙලාවක් හෝ දිනයක් වෙන් කර ගැනීම අවශ්‍ය නැත.

ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේදී සිදු කෙරෙන PCR පරීක්ෂණය සඳහා මිල රුපියල් 5000 කි. (රුපියල් පන්දහසකි).

යම් ආයතනයකට හෝ කණ්ඩායමකට වැඩි පිරිසක් PCR පරීක්ෂණය සඳහා යොමු කර ගත යුතු අවස්ථා වලදී ඒ සඳහා වෙලාවක් වෙන් කරවා ගත හැක.

 

වෛද්‍ය සුදත් දම්සිංහ අමතන්න –  0114803675 

ඒ සඳහා 0114803675 අමතා වෛද්‍ය සුදත් දම්සිංහ ගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගත හැක.

එසේ නැතහොත් / 0112778610 -12 යන දුරකථන අංක අමතා දිගු අංක 3014 හෝ 3230 වෙතින් ද ආයතන /කණ්ඩායම් සඳහා දිනය සහ වෙලාව වෙන් කරවා ගත හැක.

එසේ පරීක්ෂණ සඳහා යොමු වන පිරිස් /කණ්ඩායම් රථ නැවතුම් පොලේ සිටම විශේෂ ආරක්‍ෂිත ක්‍රමවේදයකට අනුව සමාජ දුරස්තභාවය සහ සෞඛ්‍ය පිළිවෙත් රකිමින් මෙහෙයවනු ලැබේ.

7cbaec57 e712 40a9 820d 28d1173603f8

PCR Jpura1
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article