spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බිච් පාක් එක වසර 5 කට ලංසා පවුලට දිම සදහා යන කුප්‍රකට සැලැස්ම පිටුපස ඉන්න යහපාලන දේශපාලකයා කව්ද ?

Must read

beach-prk-1මීගමුව මහනගර සභාවට හිමිවිය යුතු දැවැන්ත ආදයම් මාර්ග රැසක් පසුගිය රාජපක්ෂ ලංසා පාලනය තුලදි අහිමිව ගියේය.
මේ සියළු අදායම් පොට්ටනි ගැසුනේ ලංසාපවුලට සහ ඔවුන්ගේ සහචරයන් හට පමණි.
මේ නිසාම මීගමුව මහනගර සභාවට සෙරප්පු පැළද පාපැදියකින් පැමිණි නිමල් ලංසා අද ඔස්ට්‍රෙලියාවේද නිවසක් හිමි ලංකාවේ හෝටල් ඇතුළු ව්‍යාපාර රැසක හිමිකාරිත්වයත් සමගින් ප්‍රකෝටිපතියෙකු බවට පත්ව ති්බේ.
අප දන්නා තරමින් ඔහු පුර්ණකාලිනව කලේ දේශපාලනය පමණි.
කිසිදු ස්ථිර අදායම් මාර්ගයකට අප දන්නා තරමින් හිමිකම් නොකි්යු නිමල් ලංසාගේ සොහොයුරා දායන් ලංසා මේ වන විට රුපියල් ලක්ෂ 300ද ඉක්මවු අතිසුඛෝපහෝගි නිවසක්  තනා තිබේ.
මේ අාකාරයෙන් ලංසා පවුලේ අදායම් පිමිපණිමින් ප්‍රකෝටිපතියන් බිහිකර තිබේ.
මේ සියල්ල සිදුව තිබුනේ ගෙවුන දශකයක රාජපක්ෂ ලංසා පාලනය තුලදිය.මේ කාලය තුල මහනගර සභාව පමණක් දුප්පත්වු අතර ලංසා පවුලත් ඔවුන්ගේ සහචරයනුත් පමණක් පෝසතුන්ම විය.
බිච්පාක් එක යනු ගෙවුන දශකය තුල ඇමති නිමල් ලංසාගේ පියාගේ පමණක් බූදලයක් බවට පත්කර දිමට මහනගර සභාව නිරන්තරයෙන්ම කටයුතු කර තිබුණි.
රාජක්ෂලාගේ පාලනය ගිලිහි ගොස් යහපාලනය රට තුල ස්ථාපිත කෙරුණද මීගමුවට යහපාලනය කිසි දිනක ගලා ආවේ නැත.
එය තවදුරටත් නතුව තිබුනේ වැල්ලවිදියේ පාලනයම පමණි.
මීගමුව මහනගර සභාව කොමසාරිස් පාලනයට මාරුවි තිබුණද තවදුරටත් එය පාලනය කරනු ලබන්නේ ලංසා පවුල් විසින්මය.
මේ නිසාම දයාන් ලංසාලාගේ ගෝලයන්ට මීගමුව රාජපක්ෂ උද්‍යානය තුලින් ලක්ෂ 32 ක් හොරකම් කරන්නට හැකි තත්වයක් නිර්මාණය කර තිබුණි.
නාගරික කොමසාරිස්වරයා මෙන්ම ගණකාධිකාරිවරයාද මේ ලක්ෂ 32 ක මීගමුව ජනතා අදායම හොරාකන්නට ඉඩදිතිබුණි.
දැන් අපි බිච් පාක් එක දෙසට හැරෙමු.
යහපාලනය යටතේද බිච් පාක් එක නිරන්තරයෙන්ම හිමිවුයේ ලංසාගේ පියාටම පමණි.
මේ දිනවල එහි ටෙන්ඩර් කාලය නිමවන්නට නියමිතව තිබේ.
එය විවෘත ටෙන්ඩර් සටනක් තුල නිසි හිමිකරුවා තෝරාගත යුතු ක්‍රමය යහපාලනය වුවද අද මීගමුවට එය අහිමි කර තිබේ.
මේ දිනවල වාර්තාවෙමින් තිබෙන්නේ බිච් පාක් එක ඉදිරි වසර 5 ක් සදහා ලංසා පවුලට යළිත් වරක් ටෙන්ඩර් නොකරම එහි වාර්ෂික ටෙන්ඩර් මුදල කිසියම් ප්‍රතිශතයකින් වැඩිකොට දිම සදහා දැන් යෝජනාවක් පැමිණ ඇති බවය
මේ පිටුපස සිටින ප්‍රධාන දේශපාලකයා වන්නේ යහපාලන රජයෙ බස්නාහිර පළාත් සභාවේ මහඇමතිවරයා.පලාත් පාලන කොමසාරිස්වරියද මේ සදහා හවුල්ය.
මේ ක්‍රියාත්මක වන්නේ යහපාලනයද ?
නැතිනම් ලංසා රාජපක්ෂ පාලනයද ?
මීගමුව වැඩි ඡන්ද 30000 කින් දිනාදෙන්නට මීගමුවේ ඡන්දදායකයා විශාල මහන්සියක් දරා තිබුණද අද ඒ ඡන්දදායකයා පැරදි ලංසා පවුල පමණක් යළිත් වරක් දිනා තිබේ.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article