spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බුකිය තමන්ට අවමන් කළා යැයි කියා මැක්ස්ගේ ඝාතන සැකකරුගෙන් මිගමුව පොලිසියට පැමිණිල්ලක් ?

Must read

Max 8Max 7IMG_20200507_071741

ක්ලේමන්ට් ප්‍රනාන්දු ඇප ලබාපිටයැමට සැරසෙන අයුරු
ක්ලේමන්ට් ප්‍රනාන්දු ඇප ලබාපිටයැමට සැරසෙන අයුරු

මිගමුව පෙරියමුල්ලේ ශා. අන්තෝනි පාරේ සුරතලයෙකු වෙඩි තබා ඝාතනය කරනු ලබන්නේ වෙසක් පෝ දිනය දවසේදිය.
දැන් චෝදනාව එල්ලව වි ඇත්තේ ඒ පාරේම වෙසෙන විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙකු වෙතය.
මේ ම්ලේච්ඡ ක්‍රියාවට එරෙහිව දැවැන්ත විරෝධය සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල පලව තිබුණි. නීතියට වෙට්ටු දමන්නට හැදුවද සමාජ මාධ්‍යය වෙට්ටු දාන්නට බැරි නිසා දැවැන්ත අවමනයකට මුහුණ දෙන්නට දැන් මැක්ස්ගේ  ඝාතකයාට සිදුව තිබේ.
වෙසක් පෝදා සුරතලෙකු වෙඩි තබා ඝාතනය කළ මේ පුද්ගලයා පසුගිය දිනක මිගමුව පොලිසියට ගොස් පැමිණිල්ලක් කර තිබුනේ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුව අවමානයට ලක් කරමින් ඇතැයි කියමිනි.
විවිධ සමාජ මාධ්‍ය පිටු ගණනාවක් ඡායා පිටපත් තොගයක්ද රැගෙන ඔහු පොලිසියට ගොස් තිබේ.
එකක් පැහැදිලිය නිතිය කෙසේ වෙතත් සමාජ මාධ්‍යය තුල හෘද සාක්ෂියක් ඇති ගැහැණුන් සහ මිනිසුන්ගෙන් තමන්ට ගැලවිමක් නැති බව මැක්සගේ ඝාතකයා තේරුම් ගෙන ඇති සෙයකි.
වෙසක් පෝදා අහිංසක සුරතලෙකු වෙඩි තබා ඝාතනය කළ අයෙකුට අවමානය හිමිවන්නේ නිතැතිනි.දැන් සිදුවෙමින් ඇත්තේ එයයි .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article