spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘බෝට්ටු වලින් එන්න එපා කියන්න’ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අද මීගමු ධිවර වරායට එයි

Must read

(3.43pm) මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී සංක්‍රමණ මැඩපැවැත්වීම සඳහා වන ඕස්ට්‍රේලිMIgrant Austrailiya 2යානු මෙහෙයුමේ ප්‍රධානියා අද පෙරවරුවේදී මීගමුවේ සංචාරය කරන ලදීග බෝට්ටු මඟින් නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහා කිරීමෙන් ඇතිවිය හැකි විපත් සහ දිගුකාලීන ප්‍රතිවිපාක ගැන අනතුරු   අඟවමින් සිදුකරන පෙර දැනුවත්වීම් වලට එක්වෙන ලෙස ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටීම මෙම  සංචාරයේ අරමුණ වී තිබුණි. ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා සහ
නාවික මෙහෙයුම් අධ්‍යක්ෂක  ආටිගල මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.MIgrant Austrailiya1
ඕස්ට්‍රේලියාවේ ස්වෛරී දේශසීමා මෙහෙයුම භාරව කටයුතු කරන මේජර් ජෙනරාල් ක්‍රේග් යුරිනි (AM .CSC )මහතා පැවසූවේ 2013 සැප්තැම්බර් මාසයේදී ස්වෛරී දේශසීමා වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු ඕස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාව සමඟ එක්ව  මිනිස් ජාවාරමේ යෙදුණු බෝට්ටු 12ක පුද්ගලයන් 204 දෙනෙකු , ඕස්ට්‍රේලියාවට ඇතුලුවීමට වලක්වමින් ,සාර්ථක ලෙස ආපසු හරවා එවීමට කටයුතු කළ බවයි. AUSDOC1 AUSDOC2 AUSDOC3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article