මංගල සභා වාරයේදීම වෙන්නප්පුව ප්‍රා.සභාපති පුද්ගලික න්‍යාය පත්‍රය ඉටුකර ගනියි

0
66
SONY DSC

අද (11) වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ මංගල සභා වාරය පැවත්විණි. පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී කලින් 25ක් වූ මන්ත්‍රීධූර  44 ක් දක්වා වැඩීව්ම හේතුවෙන් මෙතෙක් මන්ත්‍රිවරුන්ට මාසිකව ලබාදුන් සන්නිවේදන දීමනාව මෙන්ම සභාව රැස්වන දිනවලදි ලබාදුන් දිවා ආහාරය  වියදම් අධික විම හේතුවෙන් කපා හැරීමට සියල්ලෝම එකඟවී ඇත. නමුත් සභාපති සුසන්ත පෙරේරා මහතාගේ  පුද්ගලික කාර්්‍ය මණ්ඩලය සඳහා නව නිලධාරීන්  දෙදෙනෛකු පත්කර ගැනීමට යෝජනාවක්  ඉදිරිපත්කර ඇති අතර මේ යෝජනාවට පක්ෂව හා විපක්ෂව අදහස් ඉදිරිපත් වී තිබේ. විපක්ෂනායක එජාප මන්ත්‍රී ශිරෝන් ප්‍රනාන්දු විසින්  සභාපතිවරයාගේ මේ ක්‍රියාකලාපය යම් විවේචනයකට ලක්කර ඇත්තේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව තුළ මේ වන විට දේශපාලන පත්වීම් ගණනාවක්  ඇති කාර්්‍යභාරයක් නොමැතිව පඩි ලබන සේවකයන් සිටින  පසුබිමක් යටතේ නැවතත් මෙවැනි නිලධාරීන් පත්කර ගැනීම අනවශ්‍ය මුදල් වැය කිරීමක් බවට අදහස්  කරමිනි. කෙසේ නමුත්  සභාපති සුසන්ත පෙරේරාගේ යෝජනා සියල්ලෝම ස්ථීර කර ඇත.30572067_2045766948799361_3629860166758825984_n 30653113_2045779275464795_1625957485917503488_n 30652385_2045779185464804_8001265588431224832_n 30656790_2045779205464802_8681739470707359744_n 30656721_2045779672131422_4320472353696907264_n 30581564_2045779882131401_1415563242998071296_n 30624680_2045780012131388_5675361109100462080_n 30581968_2045780028798053_2947156745484500992_n 30624341_2045780165464706_2016056733914365952_nඡායාරූප උපුටා ගැනීම – චන්දන ප්‍රනාන්දු – වෙන්නප්පුව ලංකාදීප වාර්තාකරුගේ මුහුණු පොතෙන්

Save