spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මට උපනගරාධිපති කම හම්බවෙන හින්දයි පොහොට්ටුවට ගියේ – ෆරිස් කියයි !

Must read

එජාපය විසින් ජයගත් මිගමුවේ පොහොට්ටුව විසින් බලය ස්ථාපිත කිරිම අරභයා මතුව ඇති දේශපාලන සංවාදය සමාජය තුල තවමත් උණුසුම් අයුරින් ඉදිරියට ඇදි යමින් තිබේ.

ලේ අත්සන දැන් පාරාවලල්ලක්

dav



දුෂිත පාලනයකට කිසිදාවත් හවුල් නොවන බවට ලේ වලින් කළ අත්සන් දැන් මේ මන්ත්‍රිවරන්ට මෙන්ම මන්ත්‍රිවරියන්ටද පාරාවළල්ලක් වි තිබේ.
පසුගිය දිනක පැවැති මාධ්‍ය හමුවකදිද එහි සිටි මාධ්‍ය වේදින් දිගින් දිගටම ප්‍රශ්ණ කළ කරුණු 2 කක් විය .
එනම් ලේ අත්සන සහ මුදල් ගත්තා යන චෝදනාව ගැනය.

මීගමුව නිදහස් කරන්න ලේ අත්සන්list 2



ශ්‍රිලනිප අපෙක්ෂකයන් විසින් ලේ වලින් අත්සන්  තැබු කොළයේ ඇත්තේ මීගමුව නිදහස් කරගන්න සහ දුෂිත පාලනයකට හවුල් නොවිම සදහා ලේවලින් සහතික වි ඇති බවය.
මෙහිදි මතුවන සරල ප්‍රශ්ණයක් තිබේ.
එනම් මීගමුව නිදහස් කරගැනිමට ලේ වලින් අත්සන් කළා නම් මීගමුව කිසියම් පිරිසකට යටත්ව තිබිය යුතුය.එසේ නම් එය යටත්ව තිබුනේ කාටද ?
මුළු මැතිවරණ ව්‍යාපාරය පුරාම ශ්‍රිලනිපය කියාගෙන ගියේ පොහොට්ටුවේ දේශපාලනයට සහ ලංසා පවුල් පාලනයෙන් මීගමුව නිදහස් කරගන්නා බවය.
මේ අනුව ලේ අත්සන ඇත්තටම තැබුවේ ඇයිදැයි යන්න පැහැදිලි සත්‍යයකි.
කෙසේ වෙතත් අදාල පුවත්පත් සාකච්ජාවේදි එක් කරුණක් අගේට පැහැදිලිව තිබුණි.

උපනගරාධිපතිකම දුන්න හින්ද ඒ පැත්තට ගියා  යැයි ෆරිස් ප්‍රසිද්ධියේ පිළිගනියි
සාකා

එනම් ෆරිස් මන්ත්‍රිවරයා පොහොට්ටුවට එරෙහිව ඡන්දය දෙන්න යයි පෙරියමුල්ල වටා යමින් සිය මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙල දියත් කොට තිබියදි  අංශක 180 ක් හැරි යළිත්  දායන් ලංසා හට අත උස්සන්න මුලික වි තිබුනේ ෆරිස් මන්ත්‍රිවරයා හට උපනගාරධිපතිකම ලැබිම නිසා යැයි ඔහු විසින්ම  පැහැදිලිව අදාල පුවත් සාකච්ජාවේදි කියා තිබිමයි.
ජනාධිපතිවරයා  විසින් කියා  තිබුනේ පක්ෂයට වැඩි වාසි ගතහැකි අයුරින් ගණුදෙනුවකට යන ලෙසය.
ජනාධිපතිගේ උපදෙසට අනුව එජාපෙන් යෝජනා වි තිබුනේද උපනරගාධිපතිධුරයයි
.ශ්‍රිලනිපයෙන් ද එලෙසමය.
එහෙත් එජාපයට යැමෙන් ලැබෙන උපනගරාධිපතිකමට අමතරව පොහොට්ටුවෙන් ලැබෙන වරදාන බොහෝ බව දැන් ප්‍රසිද්ධ කරුණකි.පා

සාකාවුල්ලාගේ දේශපාලන කරණම
යළිත් වරක් කෙසේ හෝ පළාත් සභා මන්ත්‍රිවරයෙකු විමට ඇති උවමනාව නිසා සාකවුල්ලා තමන්ගේ ජන්මාන්තර වෛරකාර පවුලට ඔටුනු පළදවන්නට පෙරට පැමිණේ.
ෆරිස් උප නරාගධිපති කරමින් තවත් මන්ත්‍රින් 4 ක් තම අණසකට ගැනිමෙන් තම පළාත් සභා සිහිනය වඩාත් පහසුවෙන්  ලගාකරගත හැකියැයි සිතන සකාවුල්ලා රාජපක්ෂ පාලනයට එරෙහිව මීගමුව ඡන්දදායකයා දුන් ඡන්ද 9000 ක් කිසිදු හිරිකිතයකින් තොරව පාවා දෙයි.්
ඇත්තටම සිදුවුයේ සකාවුල්ලාගේ පළාත් සභා මන්ත්‍රි සිහිනය නිසාත් ෆරිස්ගේ උපනගරාධිපති සිහිනය නිසාත් එහෙම පිටින්ම ශ්‍රිලනිප ඡන්දදායකයාව පාවා දිමය.
.
අපි ගත්තේ කළු සල්ලි නෙමෙයිමන්ත්‍රි

පුවත් පත් සාකච්ජාවට එක්ව සිටි එක් මන්ත්‍රිවරයෙක් කියා තිබුනේ තම කණ්ඩායම ගත්තේ කළු සල්ලි නොවන බවයි.
ඉන් අදහස් කළේ කුමක්දැයි දන්නේ ඔහු සහ ඔවුන්ගේ මන්ත්‍රි මණ්ඩලයයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article