spot_imgspot_img
spot_img
spot_img
spot_img
Friday, May 22, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
Home Editor's Choice මඩු පල්ලියට STF ආරක්ෂාව !

මඩු පල්ලියට STF ආරක්ෂාව !

0
552

Madhu-3කිතුණු බැතිමතුන් අතිවිශාල සංඛ්‍යාවක් සහභාගිවන මඩු  දේවස්ථානයේ  වාර්ෂික මංගල්‍යය මෙම මස 5 වැනි දිනෙන් ආරම්භ වු අතර එය  සිට 15 වැනි දින දක්වා පැවැත්වේ.
මංගල්‍ය දිව්‍ය පුජාව අගෝස්තු 15 වෙනිදාට යෙදි තිබේ.
අවසන් දින වන  12,13,14,15 යන දින හතර තුළ බැතිමතුන් විශාල පිරිසක්  සහභාගි වීමට නියමිත බව සැලකේ

මන්නාරම මඩු දේවස්ථානයේ  වාර්ෂික මංගල්‍යයේ ආරක්ෂාව වෙනුවෙන්  පොලිසියේ, හා විශේෂ කාර්ය බලකායේ දහසකට අධික පිරිසක් යොදවා ඇති බව  පොලිස් මාධ්‍ය  ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා දැනටමත් ප්‍රකාශ කොට තිබේ.
පොලිසියට අමතරව හමුදාවේ භට කණ්ඩායම් ද යොදවා ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.ට

වාහන වලින් බැතිමතුන් පැමිණෙන්නේ නම්   වාහන අංක, රියදුරුගේ නම ඇතුලූ පැමිණෙන අයගේ නම් සදහන් ලයිස්තුවක්  රැගෙන පැමිණෙන්නේනම් එය පරීක්ෂණ වලට පහසුවක් බව හෙතෙම දහන් කළේය.

එවැනි නම් ලයිස්තුවක්  රැගෙන පැමිණයත්  නැතත් සියලූ බැතිමතුන් පරීක්ෂා කර දේවස්ථාව භූමියට ඇතුළක් කර ගන්නා බවත් . එසේ නම් ලයිස්තුවක් රැගෙන එන්නේනම්    එවුන් පරීක්ෂා කරන  නිලධාරීන්ට පහසුවක් මෙන්ම  බැතිමතුන්ට ද පහසුවක් බව  හෙතෙම කීය.
එම රැගෙන එන ලයිස්තුව ඔවුන් අයත් දේවස්ථායෙන් සහතික කර ගන්නේනම්   එය ද පහසුවක් බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here