spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මත්පැන් වල ආරක්ෂිත බව තහවුරුකර ගැනිමට ඇප් එකක් ….

Must read

මත්පැන්වල ආරක්ෂිත බව තහවුරු කරමින් බෝතලයේ අලවන QR කේතය ඇතුළත් ස්ටිකරය හඳුන්වාදීම ප්‍රමාදවී ඇත්තේ මත්පැන් කර්මාන්තකරුවන්ගෙන් විරෝධතා හේතුවෙන් බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පසුගියදා පාර්ලිමේන්තුවේ දී නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කර ඇත.

මත්පැන් ශරීර සෞඛ්‍යයට අනතුරුදායක නොවන බවට තහවුරු කරමින් මත්පැන් බෝතල්වල QR කේතයක් ඇතුළත් ස්ටිකරය ඇලවීමේ ක්‍රියාවලිය 2021 ජූලි 01 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ සඳහන් කරයි.

එදිනෙන් අනතුරුව අදාළ ස්ටිකරය ඇලවීමේ නියෝග ක්‍රියාත්මක නොකරන මත්පැන් ව්‍යාපාරිකයන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට දෙපාර්තමේන්තුවට පියවර ගත හැකි බවද කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

‘‘මේ වැඩසටහන ආරම්භ කරන දිනයේදීම කිව් ආර් කෝඩ් එක (QR කේතය) පරීක්ෂා කිරීම සඳහා අපි මොබයිල් ඇප් එකක් ජනතාවට හඳුන්වා දෙනවා. ඒ ඔස්සේ මත්පැන් බෝතලයේ අව්‍යාජ භාවය තහවුරු කරන්න පුළුවන්. ඒ වගේම දැනටමත් මේ කෝඩ් එක පරීක්ෂා කිරීම සඳහා විශේෂිත යන්ත්‍ර තිහක් අපි සතුව තියෙනවා.’’ යැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
(අරුණ )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article