spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මන්ත්‍රිතුමාගේ චණ්ඩි රියදුරාට ගම්වැසියන් කඩු,පොලු වලින් පහර දීලා ?

Must read

attackපුත්තලම් දිස්ත්‍රික්කයේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ රියදුරු පසුගිය දිනක මාරවිල ප්‍රදේශයේ තානායමකට ගොස් වෙරිමතින් චණ්ඩිපාට් දැමිමට යාම නිසා ඒ ප්‍රදේශයේ ජනතාව විසින් එම රියදුරාට  පහරදි කඩුවලින් කපා ඇතැයි  වාර්තා වේ.
මේ අවස්ථාවේ  රියදුරු  සමගින් සිටි මන්ත්‍රීවරයාගේ තවත් ආධාරකරුවෙකුටද  පහරදී ඇති අතර බරපතල තුවාල ලබා අසාධ්‍ය  තත්වයෙන්දෙදෙනාම කොළඹ මහරෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

මේ සිදුවිම වන අවස්ථාවේ අදාල මන්ත්‍රීවරයා විදේස් සංචාරයක නිරතව සිටි බවද සැලය.  මැතිවරණය ආසන්නයේ දී ශ්‍රිලනිපයේ දයාශ්‍රිත තිසේරා මහතාගේ   ආධාරකරුවන් පිරිසක්  මෙම මන්ත්‍රීවරයාගේ ජන්ද ව්‍යාපාරයට සහය දක්වා පිල් මාරු කරමින් දැන් මෙම මන්ත්‍රීවරයාගේ ගෝල බාලයන් ලෙස කටයුතු කරන බවද එජාප පාක්ෂිකයෝ කියා සිටිති
මෙම මන්ත්‍රීවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් වසර ගණනක් පුරා ශ්‍රමය දුන්  නාත්තන්ඩිය සහ මහවැව  එජාප ක්‍රියාකාරීන්ගේ යෝජනා  සහ අදහස්  සැලකිල්ලට නොගෙන , ලඟදී කිට්ටු කරගත් මහින්දගේ ආධාරකරුවන් නිසා එජාපයේ නමටත්  කැලලක් වන්නට පටන්ගෙන ඇති බවත් මෙය ආරම්භයක් පමණක් විය හැකි බවත් මිපුර වෙබ් අඩවියට කියා සිටියේ නම සදහන් කිරිමට අකමැති වු නාත්තන්ඩිය  ආසනයේ ප්‍රබල එජාප ක්‍රියාකාරිකයෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article