spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවට ඇයි කුඩම්මාගේ සැලකිලි ?

Must read

2පසුගිය දශක කිපය පුරාවටම මීගමුවට ලැබුනේ කුඩම්මාගේ සැලකිලි..එය ගම්පහ දිස්ත්‍රික්කයේ වේගයෙන්ම දියුණුවන වෙළද නගරය නමුත් රජයේ වැඩි සැලකිල්ල නිරන්තයෙන්ම ලබුනේ ගම්පහ නගරයට.
මේ තත්වය ඉරියේදිවත් වෙනස් කරගතයුතුයි යන අදහසින් මීගමුවට සංවර්න සැලැස්මක ගැන මුලික සාකච්ජාවක් සදහා වු ඉතා වැදගත් හමුවක් පසුගිය දා මීගමුව ගෝල්ඩන් ස්ටාර් බිච් හෝටලයේදි පැවැත්විණි.
මේ සදහා මීගමුවේ දේශපාලන අධිකාරිය මෙන්ම පරිපාලන අධිකාරියද එක්ව සිටින දක්නට ලැබුන අතර ඒ හා ඒකාබද්ධ වෙමින් මීගමුව හෙටට ගැලපෙන නගරයක් කිරිම ඉලක්ක කොටගෙන විධිමත් සංවර්ධන සැලැස්මක මුලිකාංගද මෙම සාකච්ජාවේදි ඉදිරිපත් විය.
ඒය ඉදිරිපත් කරනු ලැබුනේ මීගමුවේ පුරවැසි අධිකාරිය නියෝජනය කළ මීගමුව සංවර්ධන පදනම විසිනි.
මීගමුව සංවර්ධන පදනම යනු මීගමුව හෙටට ගැලපෙන නගරයක් ලෙසින් අළුතින් එය ගොඩනැගිය යුතුයැයි සිතා එක්ව කටයුතු කරනු ලබන විවිධ ක්ෂේත්‍රවල නියොජිතයන්ගේ සහ සංවිධානවල එකතුවකි.
වෛද්‍ය ඉයන් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක මෙම එකමුතුව සදහා මීගමුව ව්‍යාපාරිකයන්ගේ සංගමය,මීගමුවේ මාධ්‍ය සංගමය ,මීගමුව බදුගෙවන්නන්ගේ සංගමය,ශාසනාරක්ෂක බලමණ්ඩලය,මීගමුව හෝටල් හිමිකරුවන්ගේ සංගමය ,ඇතුළු සංවිධාන සහ පුද්ගලයන් රැසක් එක්ව සිටි.
මීගමුව සංවර්ධනය ගැන වු මෙම  විශේෂ කතිකාවේ ප්‍රධාන ආරධිතයා වි තිබුනේ ආරක්ෂක ලේකම් වරයා වන හෙට්ටිආරච්චි මහතාය.
එමෙන්ම මෙම හමුව සදහා මීගමුව ජේෂ්ඨ පොලිස් අධිකාරි තුමා ද සහභාගිව සිටියේය.මීගමුවේ දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂ සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා මෙන්ම මීගමුව නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාද එක්ව සිටියහ.
එමෙන්ම ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද නගාරික මන්ත්‍රිවරුන් රැසක්ද පැමිණ සිටිමද විශේෂත්වයක් විය.
මෙම හමුව සදහා මීගමුව සංවර්ධන සැලැස්ම ඉදිරිපත් කිරිම වරලත් වාස්තුවිද්‍යාඥ බන්දුල වැලිකඩ ආරච්චි මහතා විසින් සිදුකරන ලදි

 

image

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article