spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘මම දුවන්ඩ පටන් ගත්තේ -දුවට ක්‍රීඩාව පුහුණු කරන්ඩ ඹ්නා නිසයි ‘

Must read

 ප්‍රවීන ක්‍රීඩක -එස්.එම්. කුලරත්න-පුත්තලමkule1එස්.එම් කුලරත්න මහතා   පුත්තලම් දිස්ත්‍රික් ප්‍රවීන  ක්‍රීඩකයන්ගේ සංගමයේ සාමාජිකයෙකි. පසුගියදා බෘෘනායි හිදී පැවති 45න් ඉහළ ප්‍රවීන ක්‍රීඩකයන්නේ මළල  ක්‍රීඩා උළෙලේදී රීදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2ක් ජයග්‍රහණය කිරීමට ඔහු සමත් විය.බංගදෙණියේ  පදිංචි ස්.එම් කුලරත්න මහතා  මේ වනවිට ප්‍රවීන ක්‍රීඩකයින්ගේ සංගමයේ කියාකාරී සාමාජිකයෙකි.  සැප්තැම්බර් මස 20 වනදා චීනයේ පැවැත්වෙන රටවල් 24ක් නියෝජනය කරන ප්‍රවීනයන්ගේ ආසියාතික තරග මාලාවට ඔහු ද සහභාගීවීම නියමිතය. ප්‍රවීනයෙකු ලෙස මළල ක්‍රීඩාවට සම්බන්ධවීම පිලිබද කුලරත්න මහතා සිය අදහස් අප සමග ඛෙදාගත්තේ මෙසේයි.5
ඔඛේ ක්‍රීඩා ජීවිතය ආරම්භ කළේ කොහොමද ?
මම ප්‍රවිනයන්ගේ ක්‍රීඩා සංගමයට සම්බන්ධ වෙලා දැන් අවුරුදු 4ක් විතර ඇති.  මම පාසල් කාලේ ඉදලා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් නෙමේයි. ගමේ අවුරුදු උත්සව වලත් දුවනවා. මගේ දුවට පොඩ්ඩක් පුහුණු කරන්ඩ කියලා තමයි මම දුවන්ඩ ගත්තේ. පස්සේ අපේ සංගමයේ ඉන්න වොලිබොල් ක්‍රීඩකයෙක් වන දිනේෂ් කුමාර මහත්තයා තමයි මාව මේ ප්‍රවීන්යන්ගේ ක්‍රීඩාවට යොමු කළේ. නැත්නම් අපි දැනගෙන හිටියෙත් නෑ මෙහෙම සංගමයක් තියෙනවා කියලා.  දැන් මගේ  දුවත් ක්‍රීඩා කරනවා. එයා දැන් සමස්ත ලංකා තරග වලට සහභාගී වෙනවා.
කොහොමද  ඔඛේ ක්‍රීඩා කටයුතු ?
මගේ වයස දැන්  අවුරුදු 48ක්. මම නියෝජනය කරන්නේ 45න් ඉහළ ප්‍රවීනයන්ගේ මළල ක්‍රීඩා  මළල ක්‍රීඩා අංශය. ගිය අවරුද්දේ සිංගප්පුරුවේ තිබුණ තරගයකට මමත්  සහභාග වුණා. ඒකෙන් 05 වෙනි ස්ථානය ලබාගත්තා.
ක්‍රීඩා අමාත්‍යාංශයෙන් උපකාර කළාද ?
නෑ එහෙම මොකුත් ලැබුණේ නෑ. මට ගමේ අය උදව් කරලා තමා ගියේ. දැන් චීනේ යන එකටත් මැරතන් දුවලා තෑගි අරගෙන ටිකට් එකක් විකුණලා තමා මුදල් හොයාගත්තේ. ගමේ උදවිය ගොඩාක් උදව් කරනවා. ආයතනයකින් නම් තවම උදව්වක් ලැබුණේ නෑ. රජය කියන්නෙත් මේක ප්‍රවීනයන්ගේ ක්‍රීඩාවක් නිසා එයාලා සම්බන්ධ නෑ කියලනේ.
ඔබ වෘත්තිය වශයෙන් කරන්නේ කුමක්ද ?
මම කරන්නේ කෙක්කෙන් පොල් කඩන රස්සාව. මම පොල් කඩන්නේ අවුරුදු 20ක පමණ ඉදන්.අපි අක්කර ගාණට තමයි කඩන්නේ. දවසකට 1500-2000ක් වගේ ලැඛෙනවා.අක්කරයකට රුපියල් 600ක් ගන්නවා.අපි කණ්ඩායමක් හැටියට තමයි පොල් කඩන්නේ. 05 දෙනෙක් එකතු වුණාම අක්කර 50 ක් පමණ පොල් කඩන්ඩ පුලුවන්.

ජිවත්වෙන්ඩ  පොල් කඩන ආදායම ඇති ද ?
මගේ නෝනා ඉස්කෝලේ කැන්ටිම කරනවා. අපි පවුලේ අය එකතු වෙලා හැන්දෑවට ,නයිට් කොත්තු  කඩයක් කරනවා.  අපි ඒක කරන්නේ වැඩ ඇරලිලා ඇවිත් හැන්දෑවට.
පවුලේ තොරතුරු කොහොමද?
මට ඉන්නේ මගේ නෝනයි.දුවයි පුතයි. අම්මා ,තාත්තා දැන් නැති වෙලා. මගේ ආබාධිත අක්කා කෙනෙක් ඉන්නවා. එයාවත් මම තමා බලාගන්නේ. එයාත් අපි එක්ක තමයි ජීවත් වෙන්නේ.
දුව මෙවර සා.පෙළ සමත්වුණා.  දැන් එයා හලාවත බාලිකා විද්‍යාලයේ උසස්පෙළ හදාරනවා. පුතා 10 වසරේ අධ්‍යාපනය ලබනවා.දරුවෝ දෙන්නටම ක්‍රීඩාව පුලුවන්. එයාලව ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉලාපොරොත්තුදිරියට යවන්ඩ තමයි බලාපොරොත්තු වෙන්නේ.810 3 4 6සටහන – කුමාරි ප්‍රනාන්දු/ email>fkumari@gmail.com
එස්.එම්.සෝමරත්න මහතාට අතහිත දීමට කැමති ඔබට මීපුර වෙබ් අඩවිය ඇමතීමට හැක
.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article