spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘ වියදම් ඇස්තමේන්තුව පූර්ණ වූ පසු අනවසර හෝටල් ඉවත්කිරීමට අප සූදානම් ”

Must read

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ – මීගමුව/
දැනටම මාස  06කට පමණ පෙර මීගමුව එජාප සංවිධායක,පළාත් සභා මන්ත්‍රී රොයිස් විජිත මහතා විසින් මීගමුවේ වෙරළ තීරුවේ ඉදිකර ඇති අනවසර ඉදිකිරිම් පිළිබදව  විමර්ශන චාරිකාවක්  සිදු කරන ලදී. මෙම අවස්ථාවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද  මාධ්‍යවේදීන් ද සහභාගී වුහ.
එහිදී හදුනාගත් අනවසර හෝටල් වහා ඉවත්කිරීමට පියවර ගන්නා ලෙස රොයිස් විජත මන්ත්‍රීවරයා වෙරළ සංරක්ෂන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. පසුව  මීගමුව සංවර්ධන කමිටු රැස්වීමේදී පසුවිපරමක් සිදුවිය.
මීගමුව වෙරළේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම්  ඉවත්කිරිමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් විමිසීමක් මීපුර වෙබ් අඩවිය විසින් පසුගියදා   සිදුකරන ලදී.
` දැනට  මාස 3කට ඉහතදී  කඩා ඉවත්කිරීම සදහා සමීක්ෂණයක් මගින් හෙළිදරව් කරගෙන ඇති 30ට අධික සංඛ්‍යාවක අනවසර ගොඩනැගිලි ඇති බවත් ඒවා අතර විවිධ ප්‍රමාණයේ හෝටල් මෙන්ම ධීවරයින්ගේ නිවාස පැල්පත් ද කරවල වාඩි ද තිඛෙන බව  වෙරළ සංරක්ෂණ නිලධාරීන් විමර්ශනය කර තිබුණි.

http://www.travelphotogallery.net/sri-lanka/negombo
http://www.travelphotogallery.net/sri-lanka/negombo

මේ වනවිට  මෙම අනවසර ඉදිකිරීම් වලින් ඉවත් කළ යුතු බවට හදුනාගෙන ඇති හෝටල් 19 කට ඉවත්කරගැනීම සදහා දින 14 ක සහ දින 22 ක කාලසිමාවට යටත්ව අධිකරණ නියෝග ලබාදී අවසන්ය.
ඒ සදහා එම  ඉදිකිරීම් කර ඇති පුද්ගලයන්ට ලිඛිත දැනුම් දී අවසන් වන අතර මෙම අධිකරණ නියෝග අනුව ඉවත්කරගෙන තිඛෙන්නේ එක හෝටලයක් පමණක් බව වෙරළ සංරක්ෂණ  දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

දැන් මේ වනවිට ඉතිරිව පවතින්නේ මෙම අනවසර හෝටල් 18 ඉවත්කිරීම සදහා අවශ්‍ය යන්ත්‍ර උපකරණ සහ මුදල් සම්බන්ධයෙන් ඇස්තමේන්තුව සකස් කිරීම බවත් ඒ සදහා අවශ්‍ය සියලූම ක්‍රියාමාර්ග ගැනීම සදහා අවසරය හා නිල වශයෙන් අවසන් විය යුතු පියවර කීපයක් වෙනුවෙන්  මෙය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාටයොමුකර ඇති බවද බවට මීගමුව අධීක්ෂණ නිලධාරී මහතා විසින් ප්‍රකාශ කරන ලදී.
ඉවත් කරගැනිම  සදහා ලබාදී ඇති  අධිකරණ නියෝග නොතකා ඇති  පැහැර හැර ඇති මෙම අනවසර හෝටල් වල නාමාවලිනය සම්බන්ධයෙන් හෙළිකරීමට මේ වනතෙක් හැකියාවක් නැති අතර එය මෙම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කළ පසු දැනුම්දිය හැකි බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකාරන දෙපාර්තමේන්තුවේ   ප්‍රධාන කාර්යාලයේ   නිලධාරියෙකු පවසන ලදී.

sri-lanka-negombo-beach-photo-02

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article